වෝහාරික වාර්තාව අනුව 2005 – 2015 බැඳුම්කර පාඩුව මිලියන 10,470යි – ආචාර්ය හර්ෂ ද සිල්වා

ඊයේ (22) සභාගත කෙරුණු බැඳුකර නිකුතු පිළිබඳ වෝහාරික විගණන වාර්තාවේ සඳහන් වන පරිදි 2005 – 2015 කාලසීමාව තුළ මහබැංකු බැඳුම්කර නිකුත් කිරීමේදී රජයට සිදුව ඇති පාඩුව රුපියල් මිලියන 10,470ක් බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසයි. 

මෙම වෝහාරික විගණන වාර්තාවේ ඇතැම් කොටස් අඩුවීමේ වගකීම  කථානායකවරයාට පවරමින් කාංචන විජේසේකර අමාත්‍යවරයා අදහස් ප්‍රකාශ කළ අතර ඊට පිළිතුරු දෙමින් හර්ෂ ද සිල්වා මහතා පැවසුවේ “එතෙන්දි ඒගොල්ලො කිව්වා මහබැංකුවෙන් ලියුමක් දුන්නා කියලා, ඒ ලියුමෙ කියලා තියෙනවා කියලා ඇමුණුම් ටික දෙන්න නම් නීතිපතිවරයාගේ අනුමැතියක් අවශ්‍යයයි කියලා. එතැනයි ගැටළුව තියෙන්නෙ. 

මම දැන් පළවෙනි වාර්තාව කියවන ගමන් මේ ඉන්නෙ. එක්සෙකටිව් සමරි එකේ තියෙනවා 2005 ඉඳලා 2015 වෙනකල් රජයට වෙලා තියෙන පාඩුව රුපියල් මිලියන 10,470යි කියලා” යනුවෙනි. 

2015 වසරේ සිදුවූ මහබැංකු බැඳුම්කර ගනුදෙනුවේදී රජයට සිදුවූ පාඩුව රුපියල් මිලියන 689කට ආසන්න මුදල් ලෙස ගණන් බලා ඇති අතර ඒ සම්බන්ධයෙන් නඩුවක් ද මේ වනවිට අධිකරණය හමුවේ පවතී. 

RN

LANKANEWSWEB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *