සජිත් ඉල්ලු එජාපය දැන් තුනක් ඉල්ලයි

එක්සත් ජාතික පක්ෂයට සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වය පමණක් නොව ජ්‍යෙෂ්ඨයින් තිදෙනාගේම නායකත්වය අවශ්‍ය බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි මහතා පැවසීය.

ඒ අනුව රනිල් වික්‍රමසිංහ,කරු ජයසූරිය හා සජිත් ප්‍රේමදාස යන තිදෙනාම නායකයන් බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී සිදු වූයේ බහුතර ජන්දයක් සජිත් ප්‍රේමදාස මහතාට ලැබීම පමණක් බව හෙතෙම ප්‍රකාශ කළේය.

කෙසේවෙතත් ඉදිරි දින දෙක තුන ඇතුළත පක්ෂයේ ප්‍රශ්න විසඳෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා කියාසිටියේය. 

ඉදිරියේදී පුළුල් සන්ධානයක් ගොඩනගන අතර එහි සජිත් ප්‍රේමදාස මහතා ඊට නායකත්වය දෙනු ඇති අතර ඒ සඳහා එක්සත් ජාතික පක්ෂයද සම්බන්ධ කරගැනීමේ උත්සහයක් ගන්නා බව මන්ත්‍රීවරයා පැවසුවේය.

ඔවුන් මෙම අදහස් පළකලෙ ඊයේ (21) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ආසන සංවිධායකවරු අතර පැවති සාකච්ජාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *