මෛත්‍රී දිස්ත්‍රික් සංවර්ධනය අනයි – දිස්ත්‍රික්කයටත් කොට්ටාස වලටත් සම සභාපති රොත්තක්

දිස්ත්‍රික් සංවර්ධන සභා සම සභාපති වරුන් 54ක් සදහා පත්වීම් ලිපි ප්‍රධානය කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කොට ඇති අතර ඒ අනුව සැම දිස්ත්‍රික්කයකටම සම සභාපතිවරුන් තිදෙනකු පත්වී ඇත . දිස්ත්‍රික් සංවර්ධන සභා සම සභාපති වරයකු ලෙස ක්‍රියා කිරීමේ බලය පළාත් මහා ඇමති වරුන්ටද ලබාදී තිබේ .

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ සදහාද සංවර්දන කමිටු ක්‍රියාත්මක කොට ඇති අතර එම සම කමිටුවකටම ප්‍රධාන පක්ෂ දෙකෙන් සම සභාපතිවරුන් දෙදෙනා බැගින් පත්කොට ඇති බවද වාර්තා වෙයි . කැබිනට් ඇමැතිවරුන්ටද සම සභාපති තනතුරු ලබාදී ඇති බවද වාර්තා වෙයි .

පොදු විපක්ෂය යයි කියාගත් කණ්ඩායමේ උදවියද මෙම ඇමති තනතුරු භාරගෙන රජයට එක්වී ඇත .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *