එජාප මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේ දී සජිත් පිල සුළුතරය වෙයි ; අජිත් පී , හරින් , සුජීව වලියට !

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳහා ඊයේ (09) පස්වරුවේ පැවති එම පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ගැටුම්කාරී තත්වයක් මතුවීම හේතුවෙන් අවසන් තීන්දුව ලබන බ්‍රහස්පතින්දා (16) දක්වා කල්ගොස් ඇති බව වාර්තා වේ. 

මෙහිදී රනිල් – කරූ – සජිත් තිදෙනාම එක්ව නායකත්ව මණ්ඩලයක් වශයෙන් පක්ෂය මෙහෙයවීම සහ සජිත් ප්‍රේමදාස මහතාට නායකත්වය ලබාදීම යන යෝජනා දෙකක් ඉදිරිපත් වී ඇති අතර එහි දී සජිත් හිතවාදී කණ්ඩායම සුළුතරයක් බව පෙනීගොස් තිබේ . සාකච්ඡාව ඉදිරියට යද්දී සජිත් පිලේ ඉදිරිපෙළ ක්‍රියාකාරිකයින් වන අජිත් පී. පෙරේරා, හරීන් ප්‍රනාන්දු, සුජීව සේනසිංහ යන මන්ත්‍රීවරුන් දැඩි ආවේගශීලී ලෙස හැසිරෙන්නට පටන් ගැනීම නිසා ගැටුම්කාරී තත්වයක් ද  උද්ගතවී ඇත .

ගුටිබැට හුවමාරුවක් දක්වා මෙම තත්වය වර්ධනය වීමට යන අවස්ථාවේදී පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා තමන් 10 වනදා විදෙස් ගතවන බවත් යළි දිවයිනට පැමිණෙන්නේ 16 වනදා බවත් එසේ පැමිණි වහාම නායකත්වය සම්බන්ධයෙන් මන්ත්‍රී කණ්ඩායම තුළ ඡන්ද විමසීමක් සිදු කරන බවත් දැනුම් දී ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ. 

මේ අතර හරින ප්‍රනාන්දු මන්ත්‍රීවරයා රැස්වීමෙන් පසුව මාධ්‍යයට ප්‍රකාශ කළේ සජිත් ප්‍රේමදාස මහතාට නායකත්වය නොලැබෙන්නේ නම් තමා ඉදිරි මැතිවරණය තරග නොකරන බවයි .

එජාප අපරිණත පසුපෙළ කණ්ඩායම පක්ෂය විනාශ කරමින් සිතන බව කියන පක්ෂයේ ජෙෂ්ටයන් පිරිසක් මෙම තත්ත්වය දැන් වත් නැවැත්විය යුතු බව කියති .

එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයේ බහුතර බලය රනිල් වික්‍රමසිංහ මහතා සතු වුව ද මන්ත්‍රී කණ්ඩායමේ බහුතරය සජිත් ප්‍රේමදාස මහතාට සහය දෙන බව විශ්වාස කෙරින . එහි දී සුළුතරය බවට පත්වීම සජිත් පිලට බරපතළ පසුබැස්මක් ලෙස සැලකෙයි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *