රන්ජන්ගේ හඬපට පැතිර යාම භයානකයි.. වැලැක්වීමට ඉක්මන් පියවරක් ගන්න..- මහින්දානන්ද ජනපතිගෙන් ඉල්ලයි..

රන්ජන්ගේ හඬපට පැතිර යාම භයානකයි.. වැලැක්වීමට ඉක්මන් පියවරක් ගන්න..- මහින්දානන්ද ජනපතිගෙන් ඉල්ලයි..

එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ හඬ පට සමාජ ජාල පුරා පැතිරී යාම භයානක තත්වයක් යැයි ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කරයි.

ඒ හේතුවෙන් එය පාලනය කිරීමට ඉක්මන් පියවර ගත යුතු බවද ඔහු පැවසුවේය.

මෙම හඬ පට හේතුවෙන් අධිකරණය සම්බන්ධයෙන් ජනතාව තුළ ඇති විශ්වාසය පළුදු විය හැකි බැවින් හඬපට පැතිර යාම වැළැක්වීම සුදුසු පියවරක් ගන්නා ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවද ඔහු සඳහන් කළේය.

මේ බව සඳහන් කරන ලද්දේ තම අමාත්‍යාංශයේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *