අර්ජුන පාට පෙන්නයි – ක්‍රිකට් නිලවරණය පැරදුනාට වරාය අධිකාරියේ පලිගැනීමක් !

ක්‍රිකට් නිලවරණය පරද වූ අර්ජුන රණතුංග ඇමතිවරයා වරයා අධිකාරියේ තමන්ට සහය නොදුන් නිලධාරීන්ගෙන් පළිගැනීමේ යෙදී සිටින බව වෘත්තීය සමිති කියයි . “ජනසතු සේවා ක්‍රිකට් සංගමයේ ” සභාපතිවරයා සභාපතිත්වය දැරූ සන්නිවේදන හා මහජන සම්බන්ධාර්ථ අංශය විසුරුවා හැර ඔහු වෙනත් අංශයකට  මාරුකිරීම එහි කැපී පෙනෙන සිදුවීමක් බව වෘත්තීය සමිති පෙන්වා දෙයි . මුදල් අක්‍රමිකතා චෝදනා එල්ල කරමින් හදිසියේ මෙම පියවර ගෙන ඇත්තේ පසුගියදා පවතී ක්‍රිකට් නිලවරනයෙදී “ජනසතු සේවා ක්‍රිකට් සංගමය ” අර්ජුන රණතුංග පාර්ශවයට සහය නොදීම නිසා බව කියති .

මෙම පළිගැනීමේ ක්‍රියාව අවලංගු නොකළහොත් දැඩි ක්‍රියාමාර්ග ගන්න බවට වෘත්තීය සමිති අනතුරු අගවා ඇත .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *