පොලිසිය අත්අඩංගුවට ගත් හඬපට මාධ්‍ය මගින් ප්‍රචාරය වීමෙන් තමන් අගතියට පත්ව ඇතැයි රංජන්ගෙන් මෝසමක්

තම නිවසින් පොලිසිය  අත්අඩංගුවට ගත් තැටිවල තිබූ හඬපට මාධ්‍ය මගින් ප්‍රචාරය වීමෙන් තමන් අගතියට පත්ව ඇතැයි සඳහන් කරමින් හිටපු රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා නුගේගොඩ මහේස්ත්‍රාත් යූ.කේ.පැල්පොල මහතා ඉදිරියේ අද (8) මෝසමක් ගොනු කර ඇත.

පොලිසිය අත් අඩංගුවට ගත් හඩපට වල තිබු තම පුද්ගලිකත්වයට අදාළ කරුණු මාධ්‍යයට නිකුත්වී ඇති බවට එමගින් කරුණු දක්වා තිබේ . කොළඹ ප;ඔලිස් අපරාධ කොට්ටාශය පෙත්සමේ වගඋත්තර කරුවකු ලෙස සදහන් ය .

එහිදී මෙම සිද්ධියට අදාළව කරුණු ඉදිරිපත් කිරිම සඳහා ලබන 17 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස ද මහේස්ත්‍රාත්වරයා කොළඹ අපරාධ කොට්ඨාසයට නොතීසි නිකුත් කර තිබේ.

මෙම සිදු වීම සම්බන්දයෙන් අපරාධ නඩු විධාන සංග්‍රහයේ විධි ව්ධන අනුව ඉදිරි ක්‍රියා මාර්ග  ගන්න බව රන්ජන් රාමනායක මහතාගේ නීතිඥවරිය ප්‍රකාශ කළාය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *