| |

‘රංජාගේට්‘ හඬ පට රාජපක්ෂ රජයට බූමරංගයක් වෙයිද?

රන්ජන් රාමනායක මන්ත්‍රී වරයාගේ නිවසේ තිබී සොයාගත් දුරකථන සංවාද පටිගත කෙරුණු හඬ පට දැන් සමාජ මාධ්‍ය පුරා රැව්දෙමින් තිබේ. පොලිසිය ලද ඔත්තුවක තොරතුරු ඔස්සේ අධිකරණ නියෝගයක් අනුව මෙම වැටලීම සිදුකළ බව රජය පවසයි.  

එසේ පොලිස් අත් අඩංගුවට පත් හඬ පට අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර, සුළු මොහොතකින් සමාජ මාධ්‍යය අරක් ගත් රාජපක්ෂ ගෝල බාලයින් වෙත නිකුත් කිරීම පොලිස්පති ඉල්ලා අස්විය යුතු මට්ටමේ බරපතළ වරදකි.

ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති රිචර්ඩ් නික්සන් අපකීර්තියටත් තනතුරෙන් පහ කිරීමටත් මුල් වූ  කුප්‍රකට වෝටගේට් හඬ පට මෙන් රන්ජන් රාමනායක හඬ පට පසුගිය රාජපක්ෂ රජයේ අභිරහස් හෙළි කරන බුමරංගයක් වෙන ලකුණු දැන් පහළ වෙමින් තිබේ.

යුක්තිය පසිඳලීමේ කර්තව්‍යයට, පොලීසියේ රාජකාරියට අත නොගසන බවට පාරම් බෑ ගෝටාභය පරිපාලනය, නීති රීති නොතකා ලහියේ සමාජ මාධ්‍යයට නිකුත් කල හඬ පටි වලින් අතුරු කථා රැසක් හෙළිදරව් කෙරෙයි.

මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන ගොස් වධ හිංසා කළ පිරිස් පිළිබඳ එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ, රහස් පොලීසිය මෙන්ම වත්මන් ජනාධිපතිවරයා දැන සිටි බවත්, පැහැර ගැනීම පිළිබඳ ජාත්‍යන්තර ප්‍රජාවගේ අවධානය යොමුවීමෙන් කැළඹුණු ජනාධිපති වරයා ඔහු මුදා හැරීමට ක්‍රියා කළ අන්දමත් එවක රහස් පොලිසියේ අධ්‍යක්ෂ ශානි අබේසේකර ප්‍රකාශ කරනු මෙම හඬ පට වල සඳහන්ය.

ප්‍රගීත් එක්නැළිගොඩ දොම්පේ පාළු වලව්වට

කීත් නොයාර් මෙන්ම ඔහු ට පෙර අතුරුදන්වූ ප්‍රගීත් එක්නැළිගොඩ හමුදා බුද්ධි අංශයට අයත් වධකාගාරයක් වන දොම්පේ පාළු වලව්වට ගෙනගිය බවට සාක්ෂි ඇති බව සමාජ මාධ්‍යයට නිකුත්වූ හඬ පටවල තව දුරටත් කියවෙයි.

නාවික හමුදා නිලධාරීන් කප්පම් සඳහා සාහසික ලෙස පැහැරගෙන ගොස් මරා දැමූ තරුණ පිරිසේ තොරතුරු මෙම සංවාදවල කියැවෙන අතර මිලිනියම් සිටි බුද්ධි අංශයේ රහස් තිප්පළ, යු.හ. නොම්මර තහඩු සහිත වාහන වලින් තුන්වේලට කෑම ගෙන ආ අසල් වැසියන් හමුදා නිවෙසක් ලෙස හොඳින් හඳුනාගෙන තිබූ වක් බවද ශානි අබේසේකර සඳහන් කරයි.

තරුණ නිලධාරීන් ගෙන් සමලිංගික අල්ලස්  ලබාගන්නා පොලිස් ලොක්කා, තම බිරිඳ සමග අනියම් ඇසුරක් පවත්වාගෙන ගිය හමුදා සෙබළෙක් මරා දැමූ හමුදා නිලධාරියෙක්, රණ විරු වන් සිදු කළ දඬුවම් නොලද සහාසික අපරාධ රන්ජන් ශානි දෙබසේ අඩංගු වී තිබේ.  

මෙම හඬ පට යොදා ගනිමින් මහා ආන්දෝලනයක් ඇති කිරීමට රජය තැත් කරන බව පෙනී ගියද, පටිගත කෙරුණු බොහෝ සංවාද වලින් පැහැදිලි වන්නේ, අවංකව රාජකාරි කළ උසස් නිලධාරීයෙක්  දේශපාලන බලපෑම් හමුවේ අපරාධ කරුවන් නිදැල්ලේ සිටීමෙන් අසහනයට පත්ව තමා සොයාගත් සත්‍යය, ජනතාව වෙත දැනුම්දීමේ මාර්ගයක් ලෙස ජනප්‍රිය දේශපාලකයෙක් යොදා ගැනීමට ගත් උත්සාහයක සාක්ෂි රැසකි.

සිහි බුද්ධියෙන් මෙම සංවාදයන්ට කන් දෙද්දී, නිශාන්ත සිල්වා රට හැර යාම පිළිබඳ වත්මන් පාලකයන්ගේ ඉහ මොළ රත්වීම පුදුමයක් නොවන බව තවදුරටත් පැහැදිලි වෙයි.

කඩිමුඩියේ රංජා ටේප් ප්‍රසිද්ධ කර, දුමින්ද සිල්වා ජනාධිපති සමාව ලබාදී නිදහස් කිරීමේ උත්සායක් ගැන දේශපාලන නිරීක්ෂකයන් සැක පහල කළත්, ක්‍ෂණිකව මෝචනය කර පෙරලාගත් `රංජා ගේට්` බාල්දියේ කොක්ක කාගේ බෙල්ලේ වුව පැටලිය හැකි බවද නිරික්ෂක මතය වී තිබේ.  

LANKANEWSWEB


Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *