CID ශානිගේ සේවය අත්හිටුවයි!

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතාගේ සේවය පොලිස් කොමිෂන් සභාව විසින් අත්හිටුවා ඇත.

 ඒ අනුව අද (07) දින සිට ශානි අබේසේකර මහතාගේ සේවය අත්හිටුව ඇති බවයි එම කොමිසම දැනුම් දෙන්නේ. 

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සමඟ සිදුකර තිබෙන දුරකථන සංවාද සම්බන්ධයෙන් ලද පැමිණිලි එම සේවය අත්හිටුවීමට පාදක වී තිබේ. 

ශානි අබේසේකර මහතාට එල්ල වී තිබෙන චෝදනා සම්බන්ධයෙන් මූලික විමර්ශනයක් සිදුකර සති දෙකක පමණ කාලයක් තුළ වාර්තාවක් ලබා දෙන ලෙස පොලිස් කොමිසම වැඩබලන පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න මහතා උපදෙස් දී ඇති බවද සඳහන්.

පසුගිය නොවැම්බර 16 ජනාධිපතිවරණයෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා ගාල්ල නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පෞද්ගලික සහකාර ලෙස මාරු කර යවා තිබුණි. 

ASK


Leave a Reply

Your email address will not be published. Required fields are marked *