හිටපු ජනපතිගේ සොයුර ටෙලිකොම් සභාපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සභාපති පී.ජී.කුමාරසිංහ සිරිසේන මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ. ටෙලිකොම් ආයතනයට නව සභාපතිවරයකු පත්කිරීම සදහා  රජයෙන් කළ දැනුම් දීමකට අනුව මෙම ඉල්ලා අස්වීම සිදුව ඇතැයි කියති පී.ජී.කුමාරසිංහ සිරිසේන මහතා හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහෝදරයකී .

ග්‍රාමීය සංවර්ධන අධිකාරියේ හිටපු සභාපති නිමල් පෙරේරා මහතා ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ නව සභාපති ලෙස පත් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *