පොලිස් අත් අඩංගුවට ගත් රන්ජන්ගේ හඬපට රජයට සම්බන්ධ වෙබ් වලට !

පොලිස් අත් අඩංගුවට ගත් බව කියන  රන්ජන් රාමනායක මහතා ගේ යයි කියන හඬපට තොරතුරු  රජයට සම්බන්ධ වෙබ් අඩවි  වල පලකිරිමට පටන්ගෙන ඇත්තේ වැටලීම සිදු කිරීමෙන් පැය විසි හතරක් ගත වන්නටත් පෙර සිට ය . රන්ජන් රාමනායක මහතා එක් එක් තැනැත්තන් සමග කරන ලද සංවාද මෙන්ම ඔහුගේ පුද්ගලික ජීවිතය ගැන ද එම මාධ්‍ය වල පලවන්නේ මඩ ගැසීම සදහා ම බව පැහැදිලි වෙයි .

පොලිස් අත් අඩංගුවට ගත් දේ මෙලෙස තෝරාගත් මාධ්‍ය වලට දීම සාමාන්‍ය සම්ප්‍රදාය නොවේ .

මෙම හඬ පට වලට තමන් ද සවන් දුන් බව රජයේ මාධ්‍ය ප්‍රකාශක  මහින්දානන්ද අලුත්ගමගේ මහතා ද ප්‍රකාශ කළේය .

මෙයින් පැහැදිලි වන්නේ රන්ජන් රාමනායක දඩයම පොලිසිය දේශපාලනිකව යොදාගෙන ආණ්ඩුව විස්සින්ම සිදු කරන ලද්දක් බවයි .

කෙසේ වෙතත් යමක් හරියට සැලසුම් කිරීමට ආණ්ඩුවේ ඇති නොහැකියාව මෙම සිදුවීමෙන් පිළිබිඹු වූ බව නිරීක්ෂකයෝ කියති .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *