එජාපය බෙදීමේ වුවමනාව සජිත්ට නෙවෙයි ගෝලයින්ට !

එක්සත් ජාතික පක්ෂය බෙදා වෙන්කරමින් සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් වෙනම සන්ධානයක් ලෙස ඉදිරි මහමැතිවරණයට ඉදිරිපත් වීමට සජිත් ප්‍රේමදාස මහතාට කිසිදු වුවමනාවක් නැතත් ඔහුගේ පාර්ශ්වයෙහි ඉදිරි පෙළ ක්‍රියාකාරීන් කිහිප දෙනෙකුම වෙනම තරග කිරීමට දැඩි උනන්දුවකින් යුතුව ක්‍රියාකරමින් සිටින බව වාර්තා වේ. 

තමන්ට එජාපය හැර යාමේ කිසිදු අදහසක් නොමැති බව සජිත් ප්‍රේමදාස මහතා මීට සති කිහිපයකට පෙරම ලංකා නිව්ස් වෙබ් වෙත ප්‍රකාශ කර තිබුණු අතර පසුගිය 03 වනදා බද්දේගම ප්‍රදේශයේ පැවති ජනහමුවකදී ද ඒ මහතා ඒ බව ස්ථිරවම සඳහන් කළේය. 

එවන් වටපිටාවක් තුළ වුව ද සජිත් පිලේ ඇතැම් මන්ත්‍රීවරුන් තම කණ්ඩායම ස්ථිර වශයෙන්ම වෙන්ව තරග වදින බවට මාධ්‍ය හරහා මතයක් රට තුළ පැතිරවිමෙහි නිරත වී සිටින බව පැහැදිලිවම පෙනේ. 

මේ මන්ත්‍රීවරුන් පිරිස අතරින් ඇතැමුන් පෞද්ගලික එදිරිවාදිකම් පිරිමසා ගැනීම සඳහා ද තවත් පිරිසක් එජාපය තුළ තමන්ට ලබාගැනීමට අසීරු තනතුරු නව පක්ෂයක් තුළ පහසුවෙන් අත්පත් කරගැනීම සඳහා ද මෙසේ පක්ෂය බෙදීම සඳහා මහත් උනන්දුවෙන් ක්‍රියාකරන බවයි ආරංචිමාර්ග සඳහන් කළේ. 

එසේම එජාප නායකත්වය ලබාගැනීමේ අරමුණින් පසුවන එක් අයෙකු, දෙදෙනෙකු ද මේ අතර සිටිමින් වැරදි දේශපාලන පියවරක් සඳහා සජිත් ප්‍රේමදාස මහතාව පොළඹවා, ඔහු ඉවත්ව ගිය පසු එජාප නායකත්වය ඩැහැ ගැනීම සඳහා ද ක්‍රියාකාරී වී සිටින බවත් එජාප අභ්‍යන්තර ආරංචිමාර්ග ප්‍රකාශ කළේය. 

LAMKANEWSWEB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *