රංජන්ට ඇප

හිටපු නියෝජ්‍ය අමාත්‍ය රන්ජන්  රාමනායක  මහතා නුගේගොඩ  මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැරීමට නුගේගොඩ අතිරේක මහේස්ත්‍රාත් යු.කේ. පැල්ලපොල මහතා අද (05) නියෝග කළේය.

ලක්ෂ පහක ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කෙරුණු මන්ත්‍රීවරයාට විදෙස් ගමන් තහනමක්ද පනවා තිබේ.

බලපත්‍ර නොමැතිව පිස්තෝලයක ළඟ තබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මාදිවෙල පිහිටි මන්ත්‍රී නිල නිවසේදී ඊයේ (04) ඔහුව අත්අඩංගුවට ගැනිණි.

(නිමන්ති රණසිංහ)

(ඡායාරූප – චතුර.එස් කොඩිකාර)

ලංකාදීප

Leave a Reply

Your email address will not be published. Required fields are marked *