ජනාධිපති පාර්ලිමේන්තුව අමතන්න යද්දී ගුවන් හමුදාවේ යානයක් කඩා වැටී 4 ක් මරුට

ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා තම ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම ගැන රටම බලා සිටිය දී ඊට මොහොතකට පෙර ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ගුවන් යානයක් කඩා වැටි සතර දෙනකු මියගොස් ඇත . අද උදැසන 9.50 ට පමණ මෙම ගුවන් යානය කඩා වැටි ඇත්තේ හපුතලේ ප්‍රදේශයට ය.

හපුතලේ, තම්බපිල්ලේ වතුයායට කඩා වැටී අනතුරට ලක්වූ මෙම   සැහැල්ලු ගුවන් යානය ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් Y-12 වර්ගයේ  ගුවන් යානයක්  බවට මේ වන විට තහවුරු කරගෙන  ඇතැයි ගුවන් හමුදාව පවසයි.

අනතුරින් එහි ගමන් ගත් ගුවන් හමුදා නිලධාරීන් සිව් දෙනා මියගොස් ඇති  බවටද තොරතුරු තහවුරු කර ගෙන ඇති බව කියති .

නීරීක්ෂණ කටයුත්තක් සඳහා වීරවිල ගුවන් හමුදා කඳවුරේ සිට හපුතලේ දක්වා ගමන්ගන්නා අතර තුරදී මෙම යානය අනතුරට ලක්ව තිබේ.

 යානය කඩා වැටුණු ආසන්නයේ නිවසක සිටි කාන්තාවක්ද එහි කම්පනය හේතුවෙන් රෝහල්ගත කර ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *