පාස්කු ප‍්‍රහාරය ගැන බුද්ධි තොරතුරු ජනපති සිරිසේනට වේලාසනම දැනුම් දුන්නා.. ඔහු තැකීමක් කලේ නෑ..- පූජිත-හේමසිරි කියති..

පාස්කු ප‍්‍රහාරය ගැන බුද්ධි තොරතුරු ජනපති සිරිසේනට වේලාසනම දැනුම් දුන්නා.. ඔහු තැකීමක් කලේ නෑ..- පූජිත-හේමසිරි කියති..

පාස්කු ඉරිදා දිනයේ මෙරටට එල්ල වූ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් වේලාසන ලද බුද්දී තොරතුරු සම්බන්ධයෙන් එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට දැනුවත් කළ බව දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පොලිස්පති පූජිත ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සඳහන් කර ඇත.

ඔවුන්ගේ සුවදුක් බැලීම සඳහා බන්ධනාගාරයට ගිය කිහිපදෙනෙකු සමගම ඔවුන් මේ බව පැහැදිලිවම සඳහන් කර තිබේ.

තමන් විසින් බුද්ධි තොරතුරු දැනුම් දුන්න ද හිටපු ජනාධිපතිවරයා ඒ ගැන එතරම් අවධානය යොමු නො කළ  බව ඔවුහු සඳහන් කර ඇත.

තමන් මේ චෝදනාවන් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින්නේ අසාධාරණ ලෙස බව ද ඔවුන් සඳහන් කර ඇත.

LANKACNEWS

Leave a Reply

Your email address will not be published. Required fields are marked *