විධායකය ශක්තිමත් කරන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් – ජනාධිපති

විධායක ජනාධිපති ධුරයේ බලය ශක්තිමත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සශෝධනයක් අවශ්‍ය බව ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුව අමතා අද ප්‍රකාශ කළේ ය . නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කරමින් ජනාධිපති තුමා වැඩි දුරටත් කිවේ පාර්ලිමේන්තුවේ බලය ද ශක්තිමත් කළ යුතු බව යි .

පවතින මැතිවරණ ක්‍රමයේ වෙනසක් අවශ්‍ය බව ද ජනාධිපතිතුමා අවධාරණය කළේය .

ගොටාභය රාජපක්ෂ ජනාධිපති යටතේ විධායක අගමැති ලෙස මහින්ද රාජපක්ෂ මහතා රට පාලනය කරනු ඇතැයි බොහෝ දෙනා තුළ තිබු විශ්වාසය වැරදි බව මෙම ප්‍රකාශයෙන් පෙනී යයි . මෙයින් පෙනෙන්නේ ජනාධිපති ධුරයේ නැති වූ බලතල ද ලබාගෙන ගොටාභය රාජපක්ෂ මහතා විධායක ජනාධිපති ලෙස රට පාලනය කිරීමට සුදානම් වන බවයි  

Leave a Reply

Your email address will not be published. Required fields are marked *