රාජිතගේ ප්‍රජාඅයිතිය අහෝසි කිරීමට සහ අත්අඩංගුවට ගැනීමට කලින්ම තීරණය කළේ අපියි – GMOA

රාජිත සේනාරත්න මහතාගේ ප්‍රජාඅයිතිය අහෝසි කිරීමට සහ ඔහුව අත් අඩංගුවට ගැනීමට තම සංගමයේ මධ්‍යමකාරක සභාව තීරණය කළේ ඔහු සෞඛ්‍ය ඇමතිවරයාව සිටි සමයේදීම බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. 

එම සංගමයේ සහකාර ලේකම්, වෛද්‍ය නවීන් ද සොයිසා මහතා මේ බව සඳහන් කළේ ඊයේ (01) පැවති මාධ්‍ය හමුවකදීය. 

“අපි දකින අඩුපාඩුවක් තමයි රාජිත සේනාරත්න ඇමතිවරයා සම්බන්ධයෙන්. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඔහුගේ ප්‍රජාඅයිතිය අහෝසි කරන්න කියලා, ඔහුව අත් අඩංගුවට ගෙන පරීක්ෂණ කරන්න කියලා මධ්‍යම කාරක සභාව තීරණය කළේ ඔහු සෞඛ්‍ය ඇමතිවරයාව සිටියදී. 

ඒනිසා නීතිපති දෙපාර්තමේන්තුවටත් නීතිය ක්‍රියාත්මක කරන ඒ නීතීඥයින්ටත් ලොකු වගකීමක් තියෙනවා මේ රටේ ජනතාව වෙනුවෙන් ජනතාවගේ මුදල්වලට සාධාරණයක් ඉෂ්ඨ කරන්න. ඒනිසා ඔහුට චෝදනා ගොනු කිරීමේදී අල්ලස් පනත, පොදු දේපළ පනත, මෙවැනි පනත් තුළින් නඩු පැවරීමේ හැකියාව අපි පෙන්නලා දීලා තියෙනවා. නීතිපති දෙපාර්තමේන්තුව අපි බලාපොරොත්තු වෙනවා මේ රටට සාධාරණය වෙන්න ඔවුන් කටයුතු කරයි කියලා.” යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ. 

මේ ප්‍රකාශය අනුව යමෙකුගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමට සහ අත් අඩංගුවට ගෙන පරීක්ෂණ කිරීමට තීරණය කිරීමේ බලය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාවට ලැබුණේ කවදා සිටද යන්න සහ යමෙකුට චෝදනා ගොනු කළ යුතු ආකාරය පිළිබඳ නීතිපති දෙපාර්තමේන්තුවට උපදෙස් දීමට එම සංගමය ආරම්භ කළේ කවර පදනමකින්ද යන ප්‍රශ්න සමාජය හමුවේ පැහැදිලිවම මතු වේ. 

RN

LANKA NEWS WEB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *