හාල් කිලෝවට රුපියල් 100ක් කියන්නෙ අසාධාරණ මිලක් නෙවෙයි – මහින්ද යාපා අබේවර්ධන

සහල් කිලෝවක් සඳහා රුපියල් 100ක් යනු ඉතා අසාධාරණ මිලක් යැයි තමන් විශ්වාස නොකරන බව වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි. 

“සහල් කිලෝ එකක මිල රුපියල් 100ක් කියන්නෙ මංදා මගෙ පෞද්ගලික මතය ඉතා අසාධාරණ මුදලක් කියලා අපි විශ්වාස කරන්නෙ නෑ. මොකද වී ගොවියාට සාධාරණ මිලක් ලැබෙන්න ඕනෙ. 

ඉතිං ඒනිසා ඊළඟ සැලැස්ම අපෙ තියෙන්නෙ වී ගබඩා අවම වශයෙන් වී මෙට්‍රික් ටොන් 30,000ක් ගබඩා කරන්න පුළුවන් විදියේ ගබඩා 10ක් හෝ 15ක් හදාගන්න. ඒ කටයුත්ත අපි කරගෙන යනවා” යනුවෙනුයි අමාත්‍යවරයා සඳහන් කළේ. 

මහින්ද යාපා අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (01) කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි. 

RN

Leave a Reply

Your email address will not be published. Required fields are marked *