හාල් මිල වැඩි වුණේ රජයේ වරදින්. ප්‍රශ්නය මගේ මෝල නම් ඒක පවරාගන්න – ඩඩ්ලි

සහල් මිල ඉහළ ගියේ රජයේ ක්‍රියාකලාපය නිසා බවටත් එසේ තිබියදී ඇතැම් දේශපාලකයින් එහි වරද අසාධාරණ ලෙස තමන් පිට පටවමින් සිටින බවටත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සොයුරු, කෝටිපති සහල් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා චෝදනා කරයි. 

එසේම සහල් මිල ඉහළ යාමේ එකම හේතුව තමන් සතු අරලිය සහල් ව්‍යාපාරය යැයි විශ්වාස කරන්නේ නම් තමන්ට සාධාරණ මුදලක් ගෙවා එම ව්‍යාපාරය රජයට පවරා ගන්නා ලෙසයි ඒ මහතා ප්‍රකාශ කළේ. 

“කටමැත දොඩවන්න විතරක් දන්න, මේ රට මෙවැනි තත්වයකට ගෙනිච්ච ඒ දේශපාලනඥයින්ට මම අද අභියෝගයක් කරනවා, මේ ස්ථානයට ඇවිල්ලා බලලා මේ පිළිබඳව ක්‍රියාමාර්ගයක් ගන්න කියලා. 

මේ රටේ ආර්ථිකය විනාශ කරපු එකට මංද වගකියන්න ඕනෙ ? 

රටේ හාල් හිඟයක් ඇතිවෙලා තියෙන බව ඇත්ත. මේක හිඟයකුත් නෙවෙයි, රජයේ ක්‍රියාකලාපය නිසා ඇතිවුණු දෙයක් තමයි මේ සිද්ධිය. විශේෂයෙන්ම පොලොන්නරුවේ කාලකන්නි දේශපාලනඥයො කතා කරන මේ සයිලෝ ව්‍යාපෘතිය. මේ සයිලෝ 20ම පුරවලා තියෙන්නෙ වී වලින්. රටේ කොහොමද හාල් හිඟයක් තියෙන්නෙ ? ඒ 20න් 16ක් පුරවලා තියෙන්නෙ කීරි සම්බා. එකයි දෙකයි තියෙන්නෙ සම්බායි නාඩුයි. මේක මගෙ වරදක්ද ? තියෙන එකත් වුවමනා එක නෙවෙයි, නියාමනයක් නෑ. කළමනාකරණයක් නෑ. ඒකට මංද වැරදි ? 

තව මාස දෙක්කින් ගොයම් කපන මේ රටේ මේ සයිලෝ 20ක් පුරවාගෙන වී ටොන් 70,000ක් තියං මං කන්නද ? රටේ වී, හාල් ප්‍රශ්නය අරලිය හාල් මෝල නම් මම හරිහම්බ කරපු දේ, මේ පොළව මත කරපු ව්‍යාපෘතිය නම් රටේ එකම ප්‍රශ්නය මම කැමතියි මට රජයේ සාධාරණ තක්සේරුවක් කරලා මේ මෝල රජයට පවරාගන්න” යනුවෙන් ඒ මහතා සඳහන් කළේය. 

ඩඩ්ලි සිරිසේන මහතා මේ බව පැවසුවේ ඊයේ (01) පොලොන්නරුව ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතමිනි.  

RN

LANKANEWSWEB


Leave a Reply

Your email address will not be published. Required fields are marked *