ජනපති නියමයෙන් සුධර්මන්ගේ තනතුර අහෝසියි !

ස්වාධීන රූපවාහිනී ආයතනයේ ප්‍රවෘත්ති හා කාලීන සිදුවීම් අංශයේ ප්‍රධානියා ලෙස පත්කළ සුදර්මන් රදලියගොඩ වහාම ක්‍රියාත්මක වන පරිදි අදාලා තනතුරින් ඉවත් කර තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විශේෂ නියෝගයක් මත මෙම ඉවත් කිරීම සිදුකර තිබේ.

පසුගිය දෙසැම්බර් 27 වැනිදා සුදර්මන් රදලියගොඩ මහතා අදාල තනතුරට පත්කළ අතර ඒ සම්බන්ධයෙන් බොහෝ දෙනාගේ විවේචන එල්ල විය. අබලි යකඩ ගනුදෙනුවක් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා එල්ල වී ඇති අතර ඒ සම්බන්ධයෙන් රදලියගොඩ මහතාට එරෙහිව නඩුවක්ද පවරා තිබේ.

චෝදනා එල්ල වී ඇති පුද්ගලයන් රජයේ තනතුරුවලට පත්කර නොගැනීමට ජනාධිපතිවරයා තීරණය කළ අතර එ් අනුව මෙම පත් කිරීම ජනාධිපතිවරයාගේ තීරණයට පටහැනි බව, උපදේශකයන් පෙන්වා දී තිබේ.

දෙසැම්බර් 31 දිනැතිව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අමාත්‍යංශයේ ලේකම්වරයා, ස්වාධීන රූපවාහිනී ආයතනයේ සභාපති සුදත් රෝහණ මහතා වෙත ලිපියක් යොමු කරමින් නියෝග කර ඇත්තේ ප්‍රවෘත්ති හා කාලීන සිදුවීම් අංශයේ නියෝජ්‍ය සමාන්‍යාධිකාරී තනතුරට පත්කර ඇති සුදර්මන් රදලියගොඩ මහතා වහාම එම තනතුරින් ඉවත් කරන ලෙසයි. ඔහු ඉවත් කළ බව තමා වෙත හා ජනාධිපති ලේකම්වරයා වෙත දැනුම් දෙන ලෙස ද අදාල ලිපියේ සඳහන් වේ.

UN

LANKANEWSWEB



Leave a Reply

Your email address will not be published. Required fields are marked *