නව මාධ්‍ය ප්‍රකාශකවරයෙක් යටතේ පොලිස් මාධ්‍ය ඒකකය යළි පිහිටුවයි


නව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයකු යටතේ    පොලිස් මාධ්‍ය ඒකකය ඊයේ  (1) සිට යළි  පිහිටුවා  ඇති බව පොලිස් මුලස්ථානය කියයි.

ජාතික පොලිස් කොමිසමේ නිර්දේශ අනුව වැඩ බලන පොලිස්පතිවරයා විසින්  නව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා  ලෙස    පොලිස් අධිකාරි ජාලිය  සේනාරත්න මහතා පත්කර ඇති බවද පොලිස් මුලස්ථානය පවසයි.

නව මාධ්‍ය ප‍්‍රකාශකවරයා ඊයේ  පෙරවරුවේ සිය ධුරයේ වැඩ බාර ගත් බවද පොලිස් මුලස්ථානය කියයි.පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා  මීට පෙර පොලිස්  නීති කොට්ඨාසයේ රාජකාරි කළ නිලධාරියෙකි.

ජ්‍යෙෂ්ඨ  පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතාමීට පෙර  පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා වශයෙන්  කටයුතු කළ අතර   පොලිස් මාධ්‍ය කොට්ඨාසය  ඉකුත්  නොවැම්බර් 27 දින සිට වහාම කි‍්‍රයාත්මක වන පරිදි   අත්හිටවා තිබු අතර ජාතික පොලිස් කොමිසම   විසින් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ධුරයද  අහෝසි කර තිබුණි.

නව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා පත් වීමත් සමග ඊයේ සිට පොලිස් මාධ්‍ය කොට්ඨාසය මගින් දෛනිකව සිදුවන සිදුවීම්  අඩංගු  සම්පින්ඩනයන් (මාධ්‍ය නිවේදන විද්‍යුත්  තෑපෑල  හරහා  නිකුත් කිරීම යළිත් ආරම්භ කර ඇත.

(ඉන්දිකා රාමනායක)

ලංකාදීප

Leave a Reply

Your email address will not be published. Required fields are marked *