නව රජයේ පළමු විදේශ ආයෝජනය යහපාලන වැඩක් – එදා විපක්ෂය විරුද්ධයි

තවත් කබරයෙක් තලගොයෙක් වෙයි !!!


නව රජය ලබාගත්  පළමු විදේශ ආයෝජනය ලෙස ප්‍රචාරය කරන කොළඹ ගාලු මෝදර පිටිය  අසල මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතිය පසුගිය ආණ්ඩුව 2018 වසරේ අනුමත කරන ලද්දක් බවත් ඒ සදහා සියලු ගිවිසුම් වලට එම කාලයේ එළඹ තිබු බවත් වාර්තා වෙයි . එමෙන්ම එවකට විපක්ෂයේ සිටි වත්මන් ආණ්ඩු පක්ෂය මෙම ව්‍යාපෘතියට බරපතල ලෙස විරුද්ධ වීය .

ඩොලර් මිලියන 250ක් වන මෙම ආයෝජනය කරන්නේ සිංගප්පුරුවේ පෙරන්නියල් රියල් එස්ටේට් හෝල්ඩින්ග් සමාගමයි . කොළඹ ගාලු මෝදර පිටිය  අසල ජනාධිපති කාර්යාලය ආසන්නයේ බාලදක්ෂ මාවතේ ඉදිවන මෙම මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියට රජයේ ඉඩම් අක්කර තුනක් ලබාදෙන්නේ ඩොලර් මිලියන 43ක බද්දක් යටතේය .

පසුගිය වසරේ මෙම යෝජනාව ඉදිරිපත් වූ විට විපක්ෂය එයට විරුද්ධ වුණේ ඉඩම වෙන්දේසි කොට වැඩි මුදලක් ලබා ගත හැකි බව කියමිනි . කෙසේ වෙතත් පසුගියදා කැබිනට් මණ්ඩලය එම ගිවිසුම් සියල්ල අනුමත කළේ කිසිදු වෙනස් කිරීමකින් තොරවය .

ඒ සමග ප්‍රචාරය කළේ නව රජය ඩොලර් මිලියන 250ක විදේශ ආයෝජනයක් ලබාගත් බවයි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *