2015 ට පෙර මහ බැංකුවේ බිලියන 19ක බැඳුම්කර වංචා හෙළිකළ වෝහාරික වාර්තා රහසි ගත වෙයි !

2015 ට පෙර කාලයේ ශ්‍රී ලංකා මහ බැංකුවේ සිදුවී ඇති බැඳුම්කර වංචා මගින් රුපියල් බිලියන 19ක වංචා  ගැන පසුගිය ඔක්තෝබරයේ භාරදුන් වෝහාරික විගණන වාර්තා මගින් කරුණු තහවුරු කොට ඇතත් නීතිපතිවරයාගේ උපදෙස් මත එම වාර්තා ප්‍රසිද්ධ කිරීම නවතා  ඇත . මෙම වාර්තා පහක් මගින් 2002 හා 2015 අතර කාලයේ සිදුවී ඇති බිලියන 19ක වංචා තහවුරු කොට සොයාගෙන ඇති අතර සිදුව ඇති සමස්ත පාඩුව මීට වැඩ විශාල බව පෙන්වාදී ඇති බව කියති .

මෙම වෝහාරික පරීක්ෂණ සිදුකරන ලද්දේ 2015 පෙබරවාරි මාසයේ සිදු වූ ආන්දෝලනාත්මක බැදුම්කර ගනුදෙනුව පිළිබඳව සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිසමේ නිර්දේශ අනුවය . එම කොමිසම ප්‍රකාශ කළේ ඔවුන්ගේ අදහස අනුව වඩා විශාල වංචා සිදුව ඇත්තේ 2009 සිට 2015 දක්වා කාලයේ දී බවයි . එම අදහස නිවැරදි බව මෙම වෝහාරික විගණන වාර්තා මගින් තහවුරු වී තිබේ .

නීතිපතිවරයා උපදෙස් දී ඇත්තේ මෙම වාර්තා නීතිමය වශයෙන් බලය ඇති අයට පමණක් ලබාදෙන ලෙස හා ඒවායේ රහසිගත භාවය ආරක්ෂා කරන ලෙසයි . සංවේදී නොවන තොරතුරු උපුටා ප්‍රසිද්ධ කරන ලෙස ද නීතිපතිවරයා උපදෙස් දී ඇතත් එවැන්නක් තවම සිදු වී නැත.

කෝප් කමිටුව වෙත ලැබුණු මෙම වෝහාරික විගණන  වාර්තා සාකච්චාවට ගැනීමට පෙර පාර්ලිමේන්තුව කල් තැබීම නිසා එම වාර්තා කෝප් කමිටු කාර්යාලයේ අල්මාරියේ තබා අගුලු ලා තිබේ .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *