|

පෙෘද්ගලිකත්වය පටලවා ගත් භික්ෂුන් ගේ නොහොබිනා බණ – අනුර සුරිය බණ්ඩාර

පසුගිය පෝය දින අරලියගහ මැදුරෙහි බණ කියු භික්ෂුව අගමැතිවරයාට උපදෙසක් දුන්නේ ය.ඉන් කියැවුණ කරුණු අතරින් එකක් මැතිවරණ ජයග්‍රහණයෙන් පසුව ළඟට එන්නන් ගෙන් පරෙස්සම් වන ලෙසය .එය වනාහි රාජ්‍ය නායකයකුට වටිනා උපදෙසකි.මන්ද මෙරට රාජ්‍ය නායකයන් බොහොමයකගේ විනාශයට හේතු වුයේ කල දුටු කල ළංවී වාසි ලබා ගන්නා අවස්ථාවාදීන් වන නිසාය .

එසේ වුව ඉහත භික්ෂුව කියන්නට යෙදුණේ වෙනස් බණකි.එය වනාහි භික්ෂුවකට⁣ නොතරම් ආකාරයකින් පෙෘද්ගලිකත්වය පටලවා ගනිමින් කළ දෙසුමකි

එහිදී භික්ෂුව කරුණු දෙකක් මතු කරනු පෙනිණි .එකක් පසුගිය ආණ්ඩුව සම්බන්ධයෙනි.එහිදී ඔහු කියන ලද්දේ ,එම ආණ්ඩුව සමයේ තම පන්සල් වත්තෙහි අලි පැටවකු සිටියාය කියා නඩු පැවරූ බවයි.ඔහු එය කියන ලද්දේ එය එසේ සිදුවිය යුතු නැතිය පන්සලේ වත්තෙහි ලයිසන් නොමැති අලියකු සිටීම වරදක් නොවේය යන අදහසිනි .බලපත්‍ර නොමැති අලියකු තබාගැනීම පන්සලට කැපබව කියන්නේ රටටම එක නීතියක් තිබිය යුතු බව කියන අතරතුර වීමද පුදුමයකි .මොවුන්ගේ මෙි බණ කුමටද යන්න වටහා ගැනීම ජනතාවට බාරය.

ඊළඟට භික්ෂුව කියන ලද්දේ මිලින්ද මොරගොඩ මහතා සම්බන්ධයෙනි .එනම් ඒ මහතා එම භික්ෂුවගේ ආරාමයේ පිරිත් නවත්තන්න කටයුතු කළ බවයි .එය තම ආරාමයේ පමණක් නොව මුලු රටෙහිම පිරිත් නවත්තන්න කළ උත්සාහයක් ලෙස හුවා දක්වන්නට තරමට භික්ෂුව නිර්ලජ්ජිතද විය .

මොරගොඩ මහතා මැදිහත් වීමෙන් ඉහත ආරාමයේ නිතර මහ හඬින් ගැයෙන පිරිත් නැවැත්වීමට උසාවි නියෝගයක් ගත් නමුත් එය එ් මහතාගේ වුවමනාව නිසා පමණක් සිදුවූ දෙයක්  නොව අසල්වැසි සැමගේ අවශ්‍යතාව අනුව සිදුවූ දෙයකි .නීතිය අනුව තවෙකෙක් අපහසුතාවට ලක්කරන ආකාරයට පිරිත් නොව කවර දෙයක් වත් මහ හඬින් ප්‍රචාරය කරන්න හැකියාවක් නැත .
තව අතකින් ගත් කල හඬ නගා බණ පිරිත් කීම යනු රටට ලෝකයට පෙනෙන්නට කරන්නක් මිස බුද්ධ ධර්මයට අනුකූල දෙයක් ද නොවේ .ශබ්ද විකාශන යන්ත්‍ර නොමැති කාලවලදී ද බණ කියු අතර ධර්මය ද පැවතිණි .

ඉහත සිද්ධිය හමුවේ තවත් භික්ෂුන් කිහිපනමක් මොරගොඩ මහතා වෙනුවෙන් කරුණු කීමට ඉදිරිපත් වූ නමුත් එහිදී උන්වහන්සේ ද උත්සාහ කර තිබුණේ මොරගොඩ මහතාගේ බෙෘද්ධකම ඉස්මතු කර පෙන්වීම සඳහා මිස,ඉහත භික්ෂුවගේ මතවාදයෙහි වරද පෙන්වාදෙන්නට නොවේ .
ඉහත කරුණ නැවත සිහිවූයේ මෑත දිනෙක හතේ පන්තියේ පොතක් සම්බන්ධයෙන් මතුවූ විවාදයක් හේතුවෙනි .එහිදී අදාළ භික්ෂුවගේ මතය ලිංගික කරුණු ඉගැන්වීමෙන් දරුවන⁣ට අයහපතක් සිදුවන බවය .ඔහු එසේ කීවා වුවද මෙරට දරුවන් ලිංගික දැනුම නොමැති බැවින් විශාල සංඛ්‍යාවක් අනවශ්‍ය ගැබ්ගැනීම්වලට ලක්වෙති .

තවද මෑතකදී එක් භික්ෂුවක් බණකදී කියන්නට යෙදුණේ ආහාර පංගුවේ හොඳම කොටස දියයුතු කොල්ලන් සඳහා බවයි .හේතුව වශයෙන් ඔහු සඳහන් කළේ දරුවකු බිහිවන්නේ පුරුෂ බීජ වලින් නිසා පිරිමියා ශක්තිමත් කළ යුතු බවයි .දරුවන් බිහිවීමේදී ඩිම්බයක කාර්යභාරය පිළිබඳ දැනුමක් එම භික්ෂුවට පවා නොතිබුණු බව ඒ අනුව පැහැදිලිය.ලිංගික දැනුම දරුවන්ට දීම වරදක් බව කියන්නේ ඉහත භික්ෂුවගේ පරම්පරාවට අයත් අය ම ය.ගැටලුව එය නොවේ,ඉහත භික්ෂුව වැන්නන් ගේ උපදෙස් වලට සාදුකාර දෙන්නට ජනතාව මෙන්ම පාලකයන් ද සැදී පැහදී හිඳීමය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *