රාජිත බන්ධනාගාර රෝහල වෙත මාරු කිරීම අත්හිටුවයි

නාරාහේන්පිට පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන රිමාන්ඩ් භාරයේ පසුවන හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා බන්ධනාගාර රෝහලට රැගෙනයාම සඳහා අද (29) එහි ගිය බන්ධනාගාර නිලධාරීන්ට පැය පහකට අධික කාලයක් රස්තියාදු වී හිස් අතින් ආපසු පැමිණීමට සිදුවී තිබේ.

රාජිත සේනාරත්න මන්ත්‍රීවරයාගේ වෛද්‍යවරයා විසින් ඔහු රෝහලින් බැහැරකිරීම ප්‍රතික්ෂේප කිරීම ඊට හේතු වී ඇතැයි බන්ධනාගාර කොමසාරිස් බන්දුල ජයසිංහ (පාලන) මහතා පැවසීය.

රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා රෝහලින් බැහැරකිරීමේදී ඔහුගේ රෝගී තත්ත්වය අනුව ඔහුට කිසියම් අවදානමක් සිදුවුවහොත් එහි වගකීම භාරගත නොහැකි බවද එම වෛද්‍යවරයා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාර අධිකාරී සමන්ත අලහකෝන් මහතාට පවසා තිබේ.

ඒ අනුව මන්ත්‍රීවරයා රැගෙන යාමට පැමිණ තිබූ ගිලන් රථය සහ අරක්ෂක නිලධාරීන් සහිත වෑන් රථය ආපසු බන්ධනාගාරයට පැමිණ තිබේ.

(ජයන්ත සමරකෝන්)

(ඡායාරූප – ළහිරු හර්ෂණ)

ලංකාදීප

Leave a Reply

Your email address will not be published. Required fields are marked *