රාජිත නඩුවෙත් නීතිපති කකුල කටේ දා ගෙන , දෙන්නෙක් උසාවි දා ඇත්තේ සුදුවෑන් මිනීමරුවන් ලෙසයි

ගොටාභය රාජපක්ෂ මහතාට බොරු චෝදනා එල්ල කළ බවට චෝදනා කරමින් හිටපු ඇමති රාජිත සේනාරත්න මහතා අත් අඩංගුවට ගෙන ඇතත් ඒ සම්බන්දයෙන් කෙරෙන අධිකරණ කටයුතු වල දී පරස්පරයක් මතු වී ඇති බව වාර්තා වෙයි .

එයට හේතු වී ඇත්තේ රජිතසේනරත්න මහතා සමග පුවත්පත් සකච්චවාට සම්බන්ද වූ දෙදෙනා සුදු වෑන වලින් ගොස් මිනි මැරූ ඇය ලෙස චෝදනා කරමින් උසාවියට ඉදිරිපත් කොට තිබීමයි .

2009 – 2012 කාලයේ දී සුදු වෑන් වලින් ගොස් කළ මිනීමැරීම් හා කොල්ලකෑම් 12කට මෙම දෙදෙනා සම්බන්ධ බවට පොලිසිය අධිකරණයට කරුණු දක්වා ඇත . එමගින් මේ දෙදෙනා සුදු වෑන් මිනීමරුවන් බව පොලිසිය විසින් ම තහවුරු කොට ඇත .

මෙම පරස්පරය හෙළි වීමෙන් පසුව එම දෙදෙනාට එරෙහි චෝදනා සංශෝධනය කිරිමට් නීතිපති දෙපර්ත් මේන්තුව ක්‍රියා කරමින් සිටින බව දැනගන්නට ඇත . ලබන ජනවාරි 6දා ඔවුන් දෙදෙනා යලි අධිකරණයට ඉදිරිපත් කළ විට සංශෝධිත චෝදනා දැනුම් දෙනු ඇතැයි කියති .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *