කොට ඇද්ද අයට තනතුරු නැතැයි පොහොට්ටුවෙන් වියත්මගට විරෝධය

පසුගිය කාලයේ විවිධ දුෂ්කරතාවලට මුහුණ දෙමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගොඩනගා ජනාධිපතිවරණයේ ජයග්‍රහණයට පදනම දැමු ක්‍රියාකාරීන්ට තනතුරු නොදී වියත් මගට සම්බන්ධව සිටි උදවියට තනතුරු ලබා දී ඇතැයි පොහොට්ටුවේ ක්‍රියාකාරීන්ගෙන් බරපතල විරෝධයක් එල්ල වෙමින් පවතින බව දැනගන්නට ඇත .

පොදුජන පෙරමුණට කැපී පෙනෙන වැඩ කොටසක් කළ බොහෝ දෙනාට බලාපොරොත්තු තනතුරු ලැබී නැතැයි කියති . ඒ අතර වියත් මගට අන්තිම මොහොතේ සම්බන්ධ වුවන්ටද වැදගත් තනතුරු හිමිවීම විරෝධයට හේතු වී ඇත . ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ සභාපති ලෙස කිමාලි ප්‍රනාන්දු මහත්මිය පතිකිරිම එලෙස විරෝධයට ලක් වූ එක් පත් කිරීමකි .

මුල්‍ය ක්ෂේතයේ ඉහල තනතුරු බලාපොරොත්තුව සිටි උදවියට උපදේශක තනතුරු වලින් සෑහීමට පත්වීමට සිදුව ඇත .

සෞඛ්‍ය අමාත්‍යංශයේ පත්වීම් පිලිබදව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තබා තිබු බලාපොරොත්තු ද ඉටු වී නැත .

මේ නිසා රජයේ ආයතනවලට සුදුස්සන් ම පත්කිරීමට ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා යොදා තිබු වැඩ පිළිවෙලට පොදුජන පෙරමුණෙන් දැඩි විරෝධයක් පල වී ඇති බව කියති .  

Leave a Reply

Your email address will not be published. Required fields are marked *