හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ලංකා හොස්පිටල් රෝහලේ දැඩි සත්කාර ඒකකයේ

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා රෝහල්ගත වී ඇති බව වාර්තා වේ. ඔහු ඊයේ  පස්වරුවේ කොළඹ නාරාහේන්පිට ලංකා හොස්පිටල්  රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් වී ඇති අතර එහි පනිමි අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව ඔහුට ප්‍රතිකාර කරන වෛද්‍යවරයාගෙන් ප්‍රශ්න කොට ඇත . සේනාරත්න මහතාට හදවත් සැත්කමක් කළ යුතු බව එහිදී හෙළිදරවු වූ බව ද වාර්තා වෙයි .

හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගන්නැයි අධිකරණය නියෝග කර තිබූ අතර, අවස්ථා කිහිපයකදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිළධාරීන් ඔහු පදිංචිව සිටින බව කියන නිවාස කිහිපයකට ගොස් තිබූ නමුත ඔහුව අත්අඩංගුවට ගැනීමට නොහැකි විය.

මේ අතර ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා මාධ්‍ය අමතා ප්‍රකාශ කළේ රාජිත සේනාරත්න මහතා සැගව සිටියේ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ නිවසේ බවයි .

Photo – daily mirror

Leave a Reply

Your email address will not be published. Required fields are marked *