|

අන්තර්ජාලය සහ කෙටි පණිවිඩ සේවා නැතිව ජීවිතය – මහාචාර්ය රොහාන් සමරජීව

2018 දීත් 2019 දී  විශාල වශයෙනුත් අන්තර්ජාලය වසා දැමීම නිසා ශ්‍රී ලංකාව ප්‍රසිද්ධියට හා අපකීර්තියට පත්ව ඇත . එසේ වුව ද අන්තර්ජාලය වසා දැමීමත් , ඇතැම් අවස්ථා වල හා ඇතැම් ප්‍රදේශ වල ජංගම දුරකථන ජාල වසා දැමීමත් සම්බන්ධයෙන් ලෝකයේ ශුරතාව දිනා  සිටින්නේ අපගේ අසල් වැසි ඉන්දියාව යි . හිටපු ගයනේන්ද්‍ර රජුගේ කාලයේ නේපාලයේ සියලුම ආකාරයේ විද්‍යුත් සන්නිවේදන සේවා නවතා දමා තිබිණි .

මෙම වසා දැමීම් ගැන කතා කිරීම එක දෙයකි . ඉන්දියාවේ වසා දැමීම් වලට මුහුණ දීමේ අත්දැකීම ඊට වෙනස් දෙයකි . ඊසාන දිග ඉන්දියාවේ ඇසෑම් සහ මෙඝාලයා හිදී  ( බංග්ලාදේශ සිමාවේ අනෙක් පැත්තේ ) පසුගිය දින කිහිපයේ දී මම එම අත් දැකීමට මුහුණ දුන්නෙමි .

කොල්කටා නගරයෙන් පිටත් වීමට පෙර ට්විටර් පණිවිඩයක මා සටහන් කළේ “ බටහිර බෙංගාලයෙන්  මා පිටත්ව යන්නේ අද මධ්‍යම රාත්‍රියේ සිට අන්තර්ජාලය වසා තබන ඇසෑමය වෙතට යි  . මා සිටින ස්ථානය බලපෑමට ලක් වන්නට් පෙර මට මෙඝාලය වෙත ළගා  වීමට හැකි වනු ඇතැයි බලාපොරොත්තු වෙමි .”

සයිබර් අවකාශය හා භෞතික අවකාශය   

එයාර් ඉන්දියා ගුවන් යානය පැයක් ප්‍රමාද වී ගුවහාටි ගුවන් තොටුපලට පැමිණෙන විට ආතතිය හොඳට ම දැනෙන්නට තිබිණි. සමහරු කිවේ ඒ වන විටත් සේවා නවතා ඇති බව යි .එසේ වුව ද රෝමින් සබදතා සහිත මගේ දුරකථනය ක්‍රියාත්මක ව තිබිණි . මා හිතුවේ සම්පුර්ණ අවුල තිබෙන්නේ සයිබර් අවකාශයේ බවයි . භෞතික අවකාශය ඉතා හොදින් තිබිණි . වාහන ගාල් කරන ස්ථාන වලත් මාර්ග වලත් බොහෝ වාහන තිබිණි . විශ්ව විද්‍යාලය විසින් එවන ලද වාහනයක පැය දෙකකට වැඩි කාලයක ගමනකින් ශිල්ලොන්ග් බලා යාමට සගයකු ද සමග මම පිටත් වූයෙමි  .

සයිබර් අවකාශයට පෙර භෞතික අවකාශය වසා දමා තිබිණි . මිනිසුන් කණ්ඩායමක් ටයර් පුළුස්සා දමා ප්‍රධාන මහා මාර්ගය අවහිර කොට තිබිණි .මගේ මිත්‍රයා ඔහුගේ ස්මාර්ට් ජංගම දුරකථනයෙන් උත්සහ කළේ  විකල්ප මාර්ග සොයා ගැනීමට යි . එය අසාර්ථක වූ විට කළේ  රාත්‍රිය ගත කිරීමට ස්ථානයක් සෙවීම යි . පිහිටට ආවේ ගූගල් සිතියම් ය . මහ මාර්ගයෙන් ඉවතට පැමිණි අපට කාමර තිබු හෝටලයක් හමු වී ය . 

 අන්තර්ජාලය නොමැතිව   

  
අපට පසුව ගොඩ බට තවත් කණ්ඩායමක් ද හිර විය . මහා මාර්ගය වසා ඇති බව ඔවුන් දැන ගන්නා  විට අන්තර්ජාලය ද නැවතී තිබිණි . නවාතැනක් සොයා ගැනීමට ක්‍රමයක් නො වීය . සිතියම් නැත . එසේ වුව ද දුරකථනයෙන් කතා කිරීමට හැකියාව තිබිණි . අපගේ රියැදුරකුගේ මග පෙන්වීමෙන් ඔවුහු අපගේ හෝටලයට පැමිණිය හ . සියල්ල නවතා දමන්නට පෙර ආහාර හා නවාතැන් නො ලැබුණා  නම් අප සියලු දෙනාට සිදුවන්නේ කුමක් ද ?
 
උදේ පාන්දරම ශිල්ලොන්ග් වෙත යාමට අපට හැකි වීය . කැරලි කරුවන්ට ද නින්ද අවශ්‍ය ය .
 
වසා දැමීම ඊ ළග දින කිහිපයේ දී ද පැවතිය ද එය ඒකාකාරිව හෝ සම්පුර්ණයෙන් සිදු නො වී ය . රෝමින් පහසුකම් සහිත මගේ දුරකථනයට ඇතැම් විට ෆෝ ජී ජාලයකට සම්බන්ධ වීමට හැකි වූ අතර මට එම සම්බන්ධය විනාඩි කිහිපයකට ලැබිණි  . මගේ ආගන්තුක නිවාසයේ තිබු ස්ථාවර දුරකථනය ක්‍රියාත්මකව තිබුණද  එය ක්‍රියා කළේ හෙමින් සහ  වැරදි සහිතව ය . කෙටි පණිවිඩ යැවීමේ හා ලබා ගැනීමේ හැකියාව මට තිබුණද මගේ ඉන්දියානු මිතුරන්ට ඇතැම් විට හැකි වුයේ පණිවිඩ ලබා ගැනීමට පමණකි . කැමරා සහ ෆ්ලෑෂ් ලයිට් සහිත ගොළු දුරකථන බවට ස්මාර්ට් ජංගම දුරකථන පත්ව තිබිණි .
 නගරය සහ ගුවහටි ගුවන් තොටු පළ වෙලා ගත් නො සන්සුන් බවින් බොහෝ ඈත් ව විශාල විශ්ව විද්‍යාල මණ්ඩපයක ආරක්ෂිතව සිටිය ද සංවිධායකයින් නිතර ම දුරකථන වල රැදී  සිටියේ ඉන්දියාවේ වෙනත් ප්‍රදේශ වලින් හා වෙනත් රටවලින් පැමිණි අමුත්තන් නැවත ගුවන් තොටුපලට  ඇරලීමේ විවිධ හැකියාවන් පිළිබඳව සොයා බලමිනි . 




අන්තර්ජාලය පුර්ව කොන්දේසියකි   

 ගුවන් ගමන් නැවත සකස් කර ගැනීම සදහා ඇතැම් සහභාගී  වුවෝ ඔවුන්ගේ කාර්යාලවලට සහ පවුල් වලට කතා කළ හ . එසේ වුව ද  සැම උත්සහයක ම අඩුවක් තිබිණි .අන්තර්ජාලය ක්‍රියාත්මකව පවතින ස්ථානයක කාර්යාලයකින් ටිකට් පතක් මිල දී ගත්ත ද , ගුවන් තොටු පළට යෑම සදහා එහි මුද්‍රිත පිටපතක් අවශ්‍ය වන ,ශිල්ලොන්ග් හි සිරවී සිටින සංචරකයාට එය ලබාදෙන්නේ කෙසේ ද? වෙනත් ක්‍රම සදහා එක වරක් වලංගු රහස් පදයක් ලියාපදිංචි අංක වෙත යැවිය යුතු ය . කෙටි පණිවිඩ සේවා අවහිර කොට තිබිය දී එය ද කළ නො හැකි ය . කෙසේ හෝ ටිකට් ලබා ගත්ත ද වර්ජනයට මුහුණ දීමට නිර්භීත කුලී රථ සොයාගන්නේ කොහෙන්ද ?




බී එස් එන් එල් සමාගමේ ස්ථාවර සම්බන්ධතා කිහිපයකින් පමණක් අන්තර්ජාල සබදතා ලබා දී තිබිණි . නවතා දැමීම  ක්‍රියාත්මක වුයේ ජංගම දුරකථන ජාල සදහා පමණකි . ඇතැම් විට මට සබදතාවය ලැබුණේ ජාත්‍යන්තර රෝමින් භාවිත කරන්නන්ට ලැබුණු ප්‍රමුකතාව හේතුවෙනි .
 
පොලිසිය සමග ඇති කරගත් විධිවිධාන වලට ස්තුති වන්නට සෙනසුරාදා උදයේ කුලී රථ කණ්ඩායමක් විශ්ව විද්‍යාලයෙන් පිටත් විය . මාර්ගයේ ගල් මග හරිමින් , පිළිස්සුනු ටයර් වල සුන් බුන් මතින් වේගයෙන් ධාවනය කරමින් ගුවහටි ගුවන් තොටු පළට ඇවිද යා හැකි දුරින් පිහිටි විශ්ව විද්‍යාල අමුත්තන්ගේ නිවසට අපි ළගා වූයෙමු . භෞතික අවකාශය විවෘතය .වාහන ගමනා ගමනය සිදු වෙමින් තිබිණි .ඇතැම් කඩ සාප්පු විවෘතව තිබිණි . එසේ වුව ද තවමත් අන්තර්ජාලය නැත . කෙටි පණිවිඩ සේවා තවමත් නැත . බොහෝ තැන් වල ණය පත් මගින් ගෙවීම් කළ නොහැකි විය . ආණ්ඩුව මගින් ප්‍රචලිත කරන ලද ජංගම ගෙවීම් ක්‍රියාත්මක නො වීය . විද්‍යුත් ගනුදෙනු යන්ත්‍ර ක්‍රියාත්මක නො වූ නිසා සමහරුන්ට මුදල් හිග වී තිබිණි .




හානිය අවම කර ගනිමු

 දකුණු ඉන්දියානුවන් වන අප ඔරොත්තු දෙන පිරිසකි . වැඩ කිරීම ගැන අපට විශේෂඥතාවක් ඇත .ඉන්දියානුවන්ට ඒ සදහා විශේෂ යෙදුමක් ද ඇත . එනම් ජුගාඩ් යන්න යි . මහජනයා ඕනෑ දෙයකට හුරු වෙයි . එසේ වුවද වැඩකිරීම  යනු උප විකල්පයක් බව ද සියලු දෙනා දනිති . මෙයට යොමු වීම නිසා වෙනත් කටයුක්තකට වඩා හොදින් යොදා ගත හැකි සම්පත් උරා ගැනීමක් සිදු වෙයි .




ඉන්දියානු ආණ්ඩුවේ ක්‍රියා මාර්ග හානි කරය .එක පැත්තකින් විද්‍යුත් හදුනා ගැනීම් හා විද්‍යුත් ගෙවීම් ප්‍රවර්ධනය කරයි . අනෙක් අතට මෙම භාවිතයන්ට අවශ්‍ය යටිතල පහසුකම් හිතුවක්කාර ලෙස අවහිර කරන ආණ්ඩුව අත්‍යවශ්‍ය විශ්වාසය විනාශ කරමින් පැරණි පුරුදු  ක්‍රම වර්ධනය කරයි .අවසානයේ ආණ්ඩුව දුරකථන ජාල දින ගණන් වසා දමන්නේ නම් විද්‍යුත් පසුම්බි , ජංගම ගෙවීම් හෝ හරපත් සහ බැරපත් ගැන පවා විශ්වාසය තබන්නට සුදානම් වන්නෝ කවරහු ද ?  
   
මුහුණු පොත වසා දැමීමෙන් කුඩා ව්‍යාපාර වලට හා විදේශ ගත ශ්‍රමිකයන්ට සිදුවන බලපෑම  ගැන ශ්‍රී ලංකාවේ අපි පැමිණිලි කරන්නෙමු .එසේ වුවද අඩු තරමින් අන්තර්ජාලය ක්‍රියාත්මක වන අතර කිසිවකු කෙටි පණිවිඩ සේවා නවතා  දමන්නේ නැත . ව්ද්‍යුත්  සබදතා කුමන ආකාරයෙන් නවතා දැමීම වුව ද නරක ය . එසේ වුව ද අවහිර කිරීමක් හැකි තාක් දුරට සීමා කිරීම අත්‍යවශ්‍ය ය . ඒ අතින් ගත් විට සම්පුර්ණ අන්තර්ජාලය අවහිර නො කොට විශේෂිත යෙදුම් පමණක් අවහිර කිරීමේ ශ්‍රී ලංකාවේ භාවිතය ඉන්දියානුවන්ට වඩා ඉතා ඉහළ ය . අවහිර කරන කාලය අඩු කිරීමේ හැකියාව දෙපාර්ශවයටම ඇත .
 අවහිර කිරීම් හෝ ඉවත් කරීම විශේෂිත පණිවුඩ හෝ මුහුණු පොතේ කාණ්ඩයම්  වැනි උප කුලක වලට ඉලක්ක කොට සීමා කළ හැකි නම් වඩාත් හොදය .එසේ නැත්නම් ආණ්ඩුව කරන දේ සාමුහික දඩුවමක් බවට පත් වෙයි . එය අපගේ විද්‍යුත් කරන උත්සාහයේ කකුලට වෙඩි තැබීමක් ද වනු ඇත .
 දැනට මාස හතරකට වැඩි කලක් තිස්සේ කාශ්මීරයේ සිදුවෙමින් තිබෙන්නේ මෙයයි . මුලික දුරකථන සබදතා තවමත් නිදහස් කොට නැති ඇසෑමයේ හා මෙඝාලයේ ජනයා දිගින් දිගට මුහුණ දෙන අපහසුතා සමග සසදන විට දින කිහිපයක් මා මුහුණ දුන් අපහසුතා ගණන් නො ගත යුතු තරම් ය . කාශ්මීරයේ හා ඉරානයේ දැන් සිදුවන දේ අනුව මෙය අල්පයකි . 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *