අපි ඉන්නේ අසතුටෙන්; ධර්මසිරි ජනපතිට ලියයි

මෛත්‍රී- රනිල් ආණ්ඩුව බලයට පත්කිරීමට තමා ඇතුලු කලාකරුවන් සහාය දැක්වූයේ, පසුගිය පාලනයේ දූෂිතයින් නීතියේ රෑහැණට හසුකර, රටේ පවතින නීතියට අනුව කටයුතු කරණ අතරම නව රාජ්‍ය පාලන ක්‍රමයක් ස්ථාපිත කරගැනීමට බව ප්‍රවීන සිනමා අධ්‍යක්ෂ ධර්මසිරි බණ්ඩාරනායක මහතා ජනාධිපතිවරයාට ලිපියක් මගින් මතක්කර දී ඇති බව යුක්තියට වාර්තාවේ.
යුක්තියට දැනගන්නට ඇති ආකාරයට පසුගිය පාලන කාලය තුළ සිදුකරන ලද නීති විරෝධි ක්‍රියාවන්ට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව කෙරෙන නීතිමය කටයුතුවල ඇති ප්‍රමාදය ගැන ද තම අප්‍රසාදය මේ ලිපිය මගින් ඔහු සැලකර තිබේ. තව ද වත්මන් ආණ්ඩුවේ ඥාති සංග්‍රහයන් කෙරෙහි ද තම අප්‍රසාදය පලකර ඇති බණ්ඩාරනායක මහතා, පුරවැසියන්ට දුන් පොරොන්දු ඉටුනොකර ඒවා ඉටුකරකරවා ගැනීමට බලකරන තත්ත්වයකට ඔවුන්ව පත්නොකර ගැනීමට ආණ්ඩුව වගබලාගත යුතු බව ද එහි සඳහන්කර ඇති බව දැනගන්නට ඇත. මේ පිළිබඳව වැඩි දුර අදහස් දැක්වීමට තමන්ට අවශ්‍ය බවත්, ඒ සඳහා දිනයක් ලබාදෙන මෙන් ද ජනාධිපතිවරයාගෙන් බණ්ඩාරනායක මහතා ඉල්ලා ඇතැයි ද කියැවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *