පොලිසිය ඇමති චම්පිකගේ මන්ත්‍රී වරප්‍රසාද කඩලා – නියෝජ්‍ය කතානායක පොලිස් කොමිසමට පැමිණිලි කරයි

හිටපු ඇමති චම්පික රණවක මහතා අත් අඩංගුවට ගැනීමේදී පොලිසිය නිසි ක්‍රමවේද අනුගමනය කොට නැති බවත් එමගින් රණවක මහතාගේ මන්ත්‍රී වරප්‍රසාද උල්ලංගණය වී ඇති බවත් නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා පොලිස් කොමිසම වෙත ලිඛිතව පැමිණිලි කොට ඇත .

ජතික පොලිස් කොමිසමේ සභාපති ඩබ්ලිව් ඊ වරලියද්ද මහතා වෙත නියෝජ්‍ය කතානායක තුමා දැනුම් දී ඇත්තේ මන්ත්‍රීවරයකු අත් අඩංගුවට ගැනීමට පෙර කතානායක වරයා දැනුවත් කිරීම පිළිගත් සම්ප්‍රධාය වුව ද මෙහිදී එම ක්‍රියා පිළිවෙත සිදු වී නැති බවයි . මෙයින් මන්ත්‍රී වරප්‍රසාද උල්ලංගණය වී ඇති බව පෙන්වා දී ඇති නියෝජ්‍ය කතානායක කුමාරසිරි මහතා ඒ පිලිබදව නිසි පියවර ගන්න ලෙස පොලිස් කොමිසමෙන් ඉල්ලලා සිටියි .

කතානායක කරු ජයසුරිය මහතා මේ දිනවල විදේශ ගතව සිටින අතර කතානායක ධුරයේ වැඩ බලන්නේ නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතාය . 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *