අපේ කාලේ මෙහෙම ගෙවල්වලට කඩා පැන්නෙ නෑ. අපට මර්ධනය එන්නේ ඇත්ත කියූ නිසා – රාජිත

තමන්ගේ ආණ්ඩුව සමයේදී මෙසේ නිවෙස්වලට කඩාපැන අත් අඩංගුවට ගැනීම් සිදු නොකෙරුණු බවත් සියල්ල සිදු කෙරුණේ නීත්‍යානුකූල ආකාරයෙන් බවත් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සිහිපත් කරයි. 

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (18) රාත්‍රියේ හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාව පොලිසිය විසින් අත් අඩංගුවට ගැනීමෙන් අනතුරුව එම සිද්ධිය පිළිබඳ මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමිනි. 

“දැන් අපට තේරෙනවා, අපේ රජය කාලේ, අවුරුදු පහේදී මේ වගේ කඩාපැනලා මේ වගේ කට්ටියව අත් අඩංගුවට ගැනීම් කළේ නෑ. බොහොම නීත්‍යානුකූලව නීතිමය මාර්ගයෙන් නීතිමය ක්‍රියාවලිය අනුව තමයි සියලු දේවල් සිදුවුණේ. 

දැන් අද පේනවා මේකෙ වෙනස ! චම්පිකලාට අපට මේ මර්ධනය එන්නේ මේ සත්‍ය අපි රටට ප්‍රකාශ කිරීම තුළ තමයි” යනුවෙනුයි ඒ මහතා එහිදී සඳහන් කළේ. 

RN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *