එක්නැළිගොඩ නඩුවේ චූදිතයින්ට දැන් බේරෙන්න බෑ.

රාජපක්ෂ ජනාධිපතිවරයාම කියන ආකාරයට තමාගේ පාලන සමය තුළ පරික්ෂණ නොපැවැත් වූ ප්‍රගීත් එක්නැළිගොඩ පැහැරගෙන යෑම සම්බන්ධයෙන් පැවැත්වෙන නඩු විභාගය අවසන් අදියරේ පවතන බව වාර්තා වේ. නීති විශාරදයින් දක්වන ආකාරයට දැනට ලැබී තිබෙන සාක්ෂි අනුව එක්නැළිගොඩ පැහැරගෙන ගොස් ඝාතනය කළවුන් නීතිය ඉදිරියේ වැරදිකරුවන් වීම වැළැක්වීමට හැකියාවක් නැත.
කෙසේ නමුත් පැමිණිලි පාර්ශවය වෙනුවෙන් පෙනී සිටින නීතිඥයෙකු වන උපුල් කුමාරප්පෙරුම සහ මේ නඩුව විභාග කරන විනිසුරු අතර පසුගිය නඩු වාරයේ දී බහින්බස් වීමක් ඇති වූ බව පසුගිය දා ඉංග්‍රීසි පුවත්පතක් වාර්තා කළේ ය. දැනගන්නට ඇති තොරතුරු වලට අනුව සැකකාර බුද්ධි අංශ නිලධාරින් හමුවීමට, කඳවුරට ආ ගිය තැනැත්තන් පිළිබඳව සටහන් තබන ලේඛණය පරික්ෂා කිරීමට නීතිඥ කුමාරප්පෙරුමට අධිකරණ නියමක් ලබාගැනීමට අවශ්‍යව තිබේ. විටින් විට ඔහුකරන එම ඉල්ලිම, කුමන කරුණකින් හෝ යටපත් කෙරීම, නීතිඥවරයා හා විනිසුරුවරයා අතර මේ බහින් බස්වීම ඇතිවීමට හේතු වී ඇති බව යුක්තියට දැනගන්නට ඇත. එක්නැළිගොඩ නඩුවෙන් ගැලවී යෑමට චූදිතයින්ට දැන් ඉඩක් නැති අතර ම අදාළ ලේඛණය ලබාගැනීමට හැකි වුවහොත් තවත් බරපතල සිද්ධීන් අනාවරණය කරගතහැකි බව නීතිඥයින්ගේ මතය බව පෙනෙන්නට තිබේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *