රිය අනතුර ගැන මාධ්‍ය වාර්තා බොරු – දෙරණට චම්පික පිටිතුරු දෙයි

2016 දී සිදු වූ රිය අනතුර පිලිබදව ඇතැම් ජනමාධ්‍ය පලකරන වාර්තා බොරු බව හිටපු ඇමති පාටලී චම්පික රණවක මහතා ප්‍රකාශ කළේය .පොලිස් අත් අඩංගුවට පත්වීමට පෙර  කොළඹ දී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා කිවේ එම රිය අනතුරට තමා  සම්බන්ධ කිරීමට ඇතැම් ජනමාධ්‍ය පට්ට පල් බොරු ප්‍රචාරය කරන බවයි .

මෙම රිය අනතුර සම්බන්ධ නඩුව දින හයක් අධිකරණයේ විභාග වූ බවත් කී හිටපු ඇමතිවරයා එම වාර්තා කියවා බලන ලෙස මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලා සිටියේ ය .

එමෙන්ම එම රිය අනතුර සම්බන්ධ CCTV වාර්තා මොරටු විෂ්ව් විද්‍යාලයෙන් පරික්ෂ කොට අධිකරණයට වාර්තාවක් දී ඇති බවත් ඒවා අධ්‍යයනය කොට වාර්තා කරන ලෙසත් රණවක මහතා වැඩි දුරටත් ඉල්ලීමක් කළේය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *