හිටපු ඇමති පාඨලී අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කරයි

හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. 

එම අත්අඩංගුවට ගැනීම සිදුව ඇති බවයි වාර්තා වූයේ. අත් අඩංගුවට ගත හිටපු ඇමතිවරයා මේ වනවිට රිමාන්ඩ් බන්ධනාගාර ගත කොට ඇත .

මහේස්ත්‍රාත් වරයකුගේ වරෙන්තුවකින් තොරව හා කතානායකතුමාට දැනුම්දීමකින් තොරව මෙම අත් අඩංගුවට ගැනීම නිති විරෝධී බවට චම්පික රණවක මහතා චෝදනා කොට ඇත .

මේ වන විට ප්‍රශ්නගතව තිබෙන 2016  වසරේදී සිදු වූ රිය අනතුර පාදක කරගනිමින් හිටපු අමාත්‍යවරයාව අත්අඩංගුවට ගන්නා  ලෙස නීතිපතිවරයා විසින් කොළඹ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත ලබා දී ඇති උපදෙස් මත එම අත්අඩංගුවට ගැනීම සිදුව තිබේ. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *