ගූගල් සෙවීම් වැඩිම වචනය ‘ශ්‍රී ලංකාව‘ වුයේ සහරාන් කල්ලියේ ප්‍රහාර නිසා

ගූගල් සෙව්ම් මෙවලම ඔස්සේ 2019 වසරේ දී ලොව වැඩිම පිරිසක් අන්තර්ජාලය තුළ සෝදිසි කළ සෙව්ම් ප්‍රවණතා වැඩිම වසරේ  වචනය  ‘ශ්‍රී ලංකාව’ බව  ඇමරිකාව කළ සමීක්ෂණයකින් අනාවරණය වී ඇත. එමෙන්ම මෙම වැඩිවීමට හේතුව පසුගිය අප්‍රේල් මාසයේ සහරාන් කල්ලිය එල්ල කළ මරාගෙන මැරෙන ප්‍රහාර මාලාව බවද එම සමීක්ෂණයෙන් හෙළි වී තිබේ

පබ්ලිශ්ඩ් ඔෆ් ගූගල් ට්‍රෙන්ඩ්ස් නැමැති මෙම සමීක්ෂණයට අනුව ශ්‍රී ලංකාව කොහේද යන්න සෙවීම අසීමිත ලෙස ඉකුත් අප්‍රේල් මාසයේ සිට වැඩිවී තිබුණු බව එම සමීක්ෂණයේදී නිරීක්ෂණය වී ඇතැයි දැක්වේ.

මීට හේතුව අප්‍රේල් මාසයේ එල්ල වූ ඉස්ලාම් අන්තවාදී පාස්කු ඉරුදින මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය බව එහි සදහන් ය.

ගූගල් ආශ්‍රිත සෙව්ම් පද අතර ශ්‍රී ලංකාවේ බෝම්බ, ශ්‍රී ලංකාවේ බෝම්බ ප්‍රහාර සහ ගෝලීයව ශ්‍රී ලංකාව කොතැනද යන වචනයන්ද ගූගුල් පරිශීලකයන් අප්‍රෙල් මාසයෙන් පසු නිතරම භාවිතා කොට තිබේ.

එමෙන්ම ඒරියා 51 සහ ලොව හොදම පන්දු යවන්නා යන වචනයන් ගූගල් පරිශීලකයන් ශ්‍රී ලංකාව යන වචනයට පසුව වැඩියෙන්ම සෝදිසි කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *