පක්ෂ නායකත්වයේ බලතල සංශෝධනය සකසන්නැයි රනිල් මාරපනට කියයි


 
එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට හිමිව තිබෙන බලතල, වගකීම් සහ ධූර කාලය ආදී සියලූ ක‍්‍රියාපටිපාටියන් ඇතුළත් පක්ෂ ව්‍යවස්ථාවට ගෙන ආ යුතු සංශෝධනය වහාම සකස් කරන ලෙස එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජනාධිපති නීතීඥ තිලක් මාරපන මහතාට අද(15) දැනුම් දුන්නේය.
 
එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා කළ ඉහත දැනුම් දීමට අනුව දැනට පවතින පක්ෂ ව්‍යවස්ථාවේ නායකත්වයට අදාළ පරිච්ඡේවල විශාල සංශෝධනයන් ඉදිරියේදී කිරීමට නියමිතය.
 
එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාවට අනුව නායකත්වයට පැවරී තිබෙන බලතල සහ වගකීම් කාලයට ගැළපෙන පරිදි සංශෝධනය කිරීම එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාගේ අරමුණ වී පවතී.
 
එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් විසින් ඉදිරිපත් කරනු ලැබූ කරුණුද සැලකිල්ලට ගෙන පක්ෂ නායකත්වයට හිමිවෙන බලතලෙ, වගකීම් සහ ධූර කාලය සංශෝධනය විය යුතු බව එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා මෙයට පෙර ප‍්‍රකාශ කර තිබුණි.
 
මෙයට අමතරව පක්ෂ නායකත්වයේ බලතල සහ කාර්යභාර්යයේ වියයුතු වෙනස්කම් පිළිබ`දව තරුණ මන්ත‍්‍රීවරුන් ඉදිරිපත් කළ අදහස් සියල්ල සැලකිල්ලට ගන්නා ලෙස එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජනාධිපති නීතීඥ තිලක් මාරපන මහතාට ලබාදුන් උපදෙස්වල වැඩිදුරටත් ස`දහන් වේ.

(නිමල කොඩිතුවක්කු)

ලංකාදීප

Leave a Reply

Your email address will not be published. Required fields are marked *