රනිල්ට අගමැතිධුරය අත්හරින්න වුණු හේතුව වජිර කියයි

තම පක්ෂයේ ඇතැම් පුද්ගලයින්ගේ ක්‍රියා කලාපය හේතුවෙන් රනිල් වික්‍රමසිංහ මහතාට අග්‍රාමාත්‍ය ධුරය අත්හැරීමට සිදුවූ බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසයි.

මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ ජනාධිපතිවරණයෙන් අනතුරුව මහ මැතිවරණයක් පවත්වන තුරු රනිල් වික්‍රමසිංහ මහතාට අග්‍රාමාත්‍ය ධුරයේ කටයුතු කිරීමට අවස්ථාව තිබූ බවයි.

එහෙත් පක්ෂයේ ඇතැම් පුද්ගලයින් අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වන ලෙස රනිල් වික්‍රමසිංහ මහතාගෙන් සිදුකළ ඉල්ලීම හේතුවෙන් අග්‍රාමාත්‍ය ධුරය අතහැරීමට ඔහුට සිදුවු බව වජිර අබේවර්ධන මන්ත්‍රිවරයා පවසයි.
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *