සන්ධානයේ අභයාරාම පාර්ශවය තුනට කැඩේ ! – පිරිසක් ආණ්ඩුවට , පිරිසක් පෙරමුණකට , මහින්ද මද්‍යස්ථවෙයි !

සන්ධානයේ අභයාරාම පාර්ශවය ලෙස හදුන්වනු ලබන විපක්ෂ කණ්ඩායම තැනට බෙදෙන ලකුණු ඇති බව අපගේ ආරංචි මාර්ග කියයි . ඉන් පිරිසක් ළග දීම ආණ්ඩුවට එකතු වන බව සියලු වාර්තා මගින් තහවුරු කරයි . තවත් පිරිසක් ලබන පළාත් පාලන මැතිවරණයට තරග කිරීම සදහා විපක්ෂ සන්ධානයක් ගොඩ නගමින් සිටිති . මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දැනුම් දී ඇත්තේ විපක්ෂ පෙරමුණකට තමන් සම්බන්ධ නොවන බවයි . ඒ මහතා සමග තව විශාල පිරිසක් මද්‍යස්ත කණ්ඩායමක් ලෙස ක්‍රියාකරනු ඇතැයි කියති .

ඒ අනුව අභයාරාම පාර්ශවය කොටස් තුනකට කදී යනු ඇති බව වාර්තා වෙයි .

මේ අතර ආණ්ඩුවට සම්බන්ධ ආරංචි මාර්ග කියන්නේ පළාත් පාලන චන්දය මස හයකින් කල් දැමීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කලේ මහින්ද පිල දියකර හැරීමට කාලය ලබාගැනීම සදහා බවයි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *