|

” ඇමෙරිකන් මර උගුල ” අධ්‍යයනයට ජනපතිගෙන් කමිටුවක්

ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතාගේ මැතිවරණ වේදිකාවලදී ” ඇමෙරිකන් මර උගුල ” ලෙස හදුන්වනු ලැබූ මිලේනියම් චැලේන්ජ් කොපොරේසන් හෙවත් MMC ගිවිසුම අධ්‍යනය කොට වාර්තා කිරීමට ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා විසින් කමිටුවක් පත්කරනු ලබා ඇත .

මෙම කමිටුවේ සභාපති වශයෙන් ආචාර්ය ලලිතසිරි ගුණරුවන් මහතා පත්කොට තිබේ .

කෙසේ වෙතත් ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා ගේ මතිවර වේදිකාවේ කීවේ මෙය රට බෙදා මැදින් කොටස ඇමෙරිකාවට දෙන මහ භයානක ගිවිසුමක් බවයි .

එම ගිවිසුම අධ්‍යනයට කමිටුවක් දැමීමෙන් පෙනෙන්නේ කලින් සියලු ප්‍රකාශ කොට ඇත්තේ අධ්‍යනයකින් තොරව බව යයි දේශපාලන නිරීක්ෂකයෝ කියති .

මෙම ගිවිසුමට එරෙහිව මහ හඩක් නැගු උදය ගම්මන්පිල මහතා පසුගියදා කිවේ ගිවිසුමේ සියයට හැත්තෑවක් හොද බව හා නරක ඇත්තේ සියයට තිහක් බවයි .

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *