දිස්ත්‍රික් වැට මායිම් පැනීම සජිත්ටයි-හරීන්ටයි තහනම් ; හම්බන්තොටෙනුයි-බදුල්ලෙනුයි පාර්ලිමේන්තු ඇවිත් පෙන්නනු

 

ජනාධිපතිවරණයේදී සිය දිස්ත්‍රක් සහ මැතිවරණ කොට්ඨාශ අන්ත ලෙස පරාජයට පත් වූ සජිත් ප්‍රේමදාස සහ හරීන් ප්‍රනාන්දු යන මහත්වරුන් ඇතුළු කිසිදු දේශපාලකයෙකුට සිය දිස්ත්‍රික් මාරු කර ගැනීම සඳහා අවස්ථාව ලබා නොදීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ.

එක්සත් ජාතික පක්ෂය මේ තීරණය ගෙන තිබෙන්නේ ජනාධිපතිවරණයේදී සිය දිස්ත්‍රික්ක සහ මැතිවරණ කොට්ඨාශ අන්ත ලෙස පරාජයට පත් වූ සජිත් ප්‍රේමදාස,හරීන් ප්‍රනාන්දු,අජිත් පී පෙරේරා සහ සුජීව සේනසිංහ යන මහත්වරුන් ඇතුළු සජිත් ප්‍රේමදාස පාර්ශවයේ බහුතරය පහසුවෙන් ජය ගත හැකි දිස්ත්‍රික් සහ ආසන වෙත මාරුවීමට දරන උත්සාහය මතය.

බදුල්ල දිස්ත්‍රික් ජනතාවගෙන් කලක් මුළුල්ලේ එල්ල වෙමින් තිබෙන විරෝධය හමුවේ එම දිස්ත්‍රික්කයෙන් පර්ලිම්නේතුවට යළි තේරී පත්වීමට නොහැකි බව දන්නා එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා එම දිස්ත්‍රික්කය අත හැර ගම්පහ දිස්ත්‍රික්කයට පැමිණ වත්තල ආසනය අල්ලා ගැනීමට මාන බලමින් සිටියි.

මේ අතර සජිත් ප්‍රේමදාස මහතා සිය සමීපතමයින් සමග කියා තිබෙන්නේ තව දුරටත් තමා හම්බන්තොට දිස්ත්‍රික්කයට සහ එම ජනතාවට නායකත්වය ලබාදීමට සූදානම් නොමැති අතර ඉදිරි දේශපාලන කටයුතු සඳහා තමාට අලුත් දිස්ත්‍රික්කයක් සහ ආසනයක් අවශ්‍ය බවය.

මේ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ස්ථාවරය වී තිබෙන්නේ ඒ ඒ දිස්ත්‍රික් ඇතුළත සිය ආසනය පමණක් මාරු කර ගැනීමට මේ අයට අවශ්‍ය නම් අවස්ථාව ලබා දිය හැකි නමුත් මහා මැතිවරණයක් මුව විට තිබියදී කිසිවෙකුට දිස්ත්‍රික් මාරු කර ගැනීමට අවස්ථාව ලබා දිය නොහැකි අතර එම ක්‍රියාව ජනතාව පාවා දීමක් බවය.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයෙක් “lankanewsweek” සමග පැවසුවේ පරාජය හමුවේ බියගුල්ලන් සේ පැන නොයා සජිත් ප්‍රේමදාස මහතා ප්‍රධාන ඔහුගේ පරාජිත කල්ලිය මහා මැතිවරණයේදීවත් හැකි නම් සිය දිස්ත්‍රික් සහ ආසන ජය ගෙන පාර්ලිමේන්තුවට තේරී පත් වී පෙන්විය යුතු බවය. 

(සුජිත් මංගල ද සිල්වා) 

“lankanewsweek”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *