එන පොට හොද නැත – සම්පත් අමරසිංහ


අජිත් ප‍්‍රසන්න නමැති විශ‍්‍රාමික මේජර් ජනරාල්වරයකු මේලියන  මොහොත වන විට ස්විස් තානාපති කාර්යාලය අසල උපවාසයක් ආරම්භ කර තිබේ. ඒ, පැහැර ගැනීමට ලක්වූ බව කියන ස්විස් තානාපති කාර්ය මණ්ඩල සාමාජිකාව කටඋත්තර ගැනීම සඳහා පොලිසියට ඉදිරිපත් කරන්නැයි ඉල්ලමිනි.
කොළඹ ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ සේවය කරන ශී‍්‍ර ලාංකික සේවිකාවක් පසුගිය නොවැම්බර් 25 දින පැහැර ගෙනගොස් තර්ජනයක් කළ බව වාර්තා වී තිබේ. එක් සිද්ධිය පිළිබඳ වැඩබලන පොලිස්පතිවාරයාගේ මූලිකත්වයෙන් පරීක්ෂණ සිදු කෙරෙන බව විදේශ කටයුතු අමාත්‍යවරයා පවසා තිබුණි. එම සිද්ධිය පිළිබඳ ක්‍ක්‍ෘ සහ ක්‍ක්‍ඔඪ යන අංශ සමඟ එක්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) පරීක්ෂණ අරඹ ඇති බවත් අදාළ සිද්ධිය සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සම්බන්ධයක් ඇතැයි යන්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප‍්‍රතික්ෂේප කර ඇති බවත් තවදුරටත් වාර්තා විය.
එ් අතර ශී‍්‍ර ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය යළිත් කියා තිබුණේ තම කාර්ය මණ්ඩල සේවිකාවගේ ගමන් මාර්ගය පිළිබඳ මෙරට ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලය සපයා ඇති ගමන් මාර්ගය ඇගේ නිශ්චිත ගමන් මාර්ගය සමඟ ගැලපෙන්නේ නැති බවයි.
ස්විස්ටර්ලන්තයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය ප‍්‍රකාශකවරයා පවසා ඇත්තේ කොළඹ ස්විස්ලන්ත තානාපති කාර්යාලයේ සේවිකාවක නාඳුනන පිරිසක් විසින් පැහැර ගෙන ගොස් තර්ජනය කර තානාපති කාර්යාලයට සම්බන්ධ තොරතුරු අනාවරණය කරන ලෙස පවසා ඇති බවයි.
ස්විස්ටර්ලන්ත රජය විසින් ස්විස්ටර්ලන්තයේ ශී‍්‍ර ලංකා තානාපතිවරයා මඟින් අගමැති මහින්ද රාජපක්ෂ සහ විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන දැනුවත් කරමින් පැහැර ගැනීමේ සිද්ධිය පිළිබඳ පුළුල් පරික්ෂණයක් කර සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් නීතිය හමුවට පමුණුවන ලෙස ඉල්ලීමක් කර තිබුණි.
bdnews24.com වෙබ් අඩවිය නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත උපුටා දක්වමින් පවසන්නේ පැහැරගන්නා ලද පුද්ගලයා පැහැර ගැනීමට ලක් වූ තැනැත්තියට තර්ජනය කර ඇගේ ජංගම දුරකතනය ලබා ගෙන ඇති බවයි. තානාපති කාර්යාලයේ නිලධාරින් පවසන්නේ ස්විස්ටර්ලන්තයේ රැුකවරණ ඉල්ලූ අයගේ තොරතුරු එම දුරකතනයේ තිබු බවත් පැහැර ගැනීමේ සිද්ධිය කිසිවකුට පැවසුවහොත් මරා දමන බවට පැහැර ගත්තවුන් තර්ජනය කළ බව සේවිකාව පවසා ඇති බවත් වෙබ් අසවියේ දැක් වේ.
ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාල සේවිකාව පැහැර ගෙන යාම සම්බන්ධ කරුණත් සමඟ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරි නිශන්ත සිල්වා රටින් රහසින් පිටුවහල් වීමද සම්බන්ධයක් පවතින බව මධ්‍යස්ථව කරුණු විමසන්නට පෙනේ. නිශාන්ත සිල්වා මහතාට දෙමළ නමක් ද ඇදා ගනිමින් ඔහු සහ ඔහුගේ රහස් පරීක්ෂණ කටයුතු සම්බන්ධව වෙනම මතවාදයක් ගොඩනැඟිමේ උත්සාහයක් ද මේ මොහොතේ පවතී. එ් නිශාන්ත සිල්වා මහතා රටින් පිටුවහල් කිරීමට ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයෙන් උදවු ලැබී ඇතිය යන කරුණු පදනම් කර ගනිමිනි. පැහැර ගැනීමට ලක් වූ බව කියන සේවිකාව සම්බන්ධ පැමිණිල්ලක් පොලිසියට ලැබී නැත. අදාළ සේවිකාව කටඋත්තරයක් ලබා දී නැත. ඇය පැහැර ගැනීමට ලක් වූ බව කියන මාර්ගය යන ඇය නිතර යන එන මාර්ගය අතර පරස්පරයක් පවතී වැනි අදහස් සමාජගත කිරීම හරහා අදාළ සේවිකාව පැහැර ගැනීමට ලක් වීය යන්න සත්‍යයෙන් තොර දෙයක් බවට මතයක් ගොඩනඟන්නට දරන උත්සාහයක් පවතින බවද පෙනේ.
අදළ සේවිකව ඇත්තෙන් ම සිදු නොවු දෙයක් සිදු වූයේ යැයි මවාපාන්නට උත්සාහ දරන්නේ නම් එ් බව තර්කානුකූලව සහ සාක්ෂි සහිතව ඔප්පු කිරීම අදාළ නිලධාරින්ගේ වගකීමයි. එසේ නොමැතිව අනන් මනන් කීම හරහා සිදු වීමේ බර අඩු කිරීමට ගන්නා උත්සාහවලින් සිදු වනු ඇත්තේ රටේත් ආරක්ෂක අංශවලත් කීර්ති නාමයට හානි සිදුවීමය.
සිද්ධියට මුහුණ දුන් තානාපති කාර්යාල සේවිකාව කට උත්තර ලබා ගැනීම සඳහා පොලිසියට ඉදිරිපත් කරනු යනුවෙන් විශ‍්‍රාමික මේජර්වරයකු ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලය අසල ආරම්භ කර ඇතැයි කියන උපවාසය තේරුම් ගත යුතු වන්නේ මේ සියලූ කරුණු පෙරදැර කර ගනිමිනි.
තානාපති කාර්යාලයකට බලපෑම් කරනු පිණිස එම තානාපති කාර්යාලය ඉදිරිපිට උපවාස උද්ඝෝෂණ කිරීම යනු ඍජුව ම අදාළ රාජ්‍යයේ එනම් මේ අවස්වේ ස්විස්ටර්ලන්තයේ ස්වාධිනත්වයට බලපෑම් කිරිමක් වේ.
එවැනි කි‍්‍රයාමාර්ග මඟින් රටතුළ බටහිර විරෝධයක් ජාති හිතෛෂි බවත් මවා පෙන්විය හැකි වුවද, එසේ ම එමඟින් රටතුළ ජාතිවාදයට ආමන්ත‍්‍රණය කර පුහු වීරත්වයක් හා බාල ජනපි‍්‍රයත්වයක් කෙටි කාලීනව ලබා ගැනීමට හැකි විය හැකි වුව ද අන්තර් ජාතික වශයෙන් එවැනි කි‍්‍රයාමාර්ග වාසිදායක වන්නේ නැත.
මානව හිමිකම් කොමිසමට විරුද්ධව, එක්සත් ජාතිනට විරුද්ධව, උපවාස උද්ඝෝෂණ කළ දරුස්මාන් වාර්තාවට විරුද්ධව පෙළපාලි පැවැත් වූ මෑත කාලීන අත්තයක් මේ රට තුළ තිබුණි. එම අතීත කි‍්‍රයාකාරකම්වල ඵලය වූයේ ජාත්‍යන්තර වශයෙන් ලංකාව කොන් විමයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලෝක බැංකුව වැනි ආයතනවල අනුග‍්‍රහය ඉහත හේතු නිසා ලංකාවට අහිමි වී ගියේය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ලෝක බැංකුවට විරුද්ධව ජාතිකවාදිව කතා කළ ඇය එකල කුමක් කීවා වුවද එම ආයතන පිටුපෑම හේතුවෙන් අධික පොලියට වාණිජ ණය ගැනීමට එකල ලංකාවට සිදු විය. එසේ ගත් ණයවල අධික පොලිය පැටවුණේ අධිරාජ්‍ය විරෝධීන් මත නොව සාමාන්‍ය ජනයා මතය.
යුරෝපා සංගමයේ හොඳහිට අහිමිවීම හේතුවෙන් මෙරට ධීවරයාටත් ධීවර කර්මාන්තයටත් දැඩි බලපෑමක් එල්ල විය. ජී.එස්.පී ප්ලස් සහනය අහිමි වීමෙන් මෙරට ඇගලූම් කර්මාන්තයට කණ කොකා හැඬුවේය.
ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලය ඉදිරිපිට උපවාස කරන විශ‍්‍රාමික මේජර්ලාගෙන් රට පරෙස්සම් විය යුත්තේ එහෙයිනි. හාරන්ශක්ති ප‍්‍රධාන කර්තෘවරයා සමඟ සම්මුඛ සාකච්ඡුාවකට එක්වෙමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටියේ තමා ජපානය, ඕස්ටේ‍්‍රලියාව, සිංගප්පුරුව වැනි රටවලටද මෙරට ආයෝජන සඳහා ආරාධනා කරන බවය. එහෙත් විශ‍්‍රාමික මේජර්ලාගේ මෙවැනි කි‍්‍රයාමාර්ග වඩාත් බලපෑ හැකි වන්නේ ඕස්ටේ‍්‍රලියාව වැනි රටවල් මෙරට ආයෝජන සඳහා දෙවරක් සිතනු ඇති තත්ත්වයකට පත් වීමයි.
කවර තත්ත්වයන් යටතේ වුව යහපාලන ආණ්ඩුව පැවැති වසර හතරකට ආසන්න කාලය තුළ ජාත්‍යන්තර වශයෙන් මෙරට කීර්ති නාමය ඉහළ තැනකට පත්විය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ජපානය වැනි ආයතන සහ රටවල් මෙරටට ආධාර සපයන තත්ත්වයට පත් විය. විශ‍්‍රාමික මේජර්ලාගේ විකට රංගන හේතුවෙන් වසර හතරක කාලය තුළ රට ජාත්‍යන්තරය තුළ හිමි කරගත් තත්ත්වය විනාශ වී යන්නේ නම් එය පොදු ජනතාවගේ පාර්ශ්වයෙන් දරුණු අපරාධයකි. ජනාධිපතිවරයා එ් සම්බන්ධයෙන් කවර කි‍්‍රයා මාර්ගයක් ගනු ඇති ද යන්න පිළිබඳ රටම විමසිලිමත් විය යුතුව ඇත්තේ එහෙයිනි.


සම්පත් අමරසිංහ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *