නාවික හමුදාව ඇනගනී ! – මුහුදු ආරක්ෂක සංඛ්‍යාව 600න් 117 ට බහියි .

අවන්ගාඩ් සමාගම කරගෙන ගිය මුහුදු ආරක්ෂකයින් සැපයීමේ ව්‍යාපාරය තමන්ට කල හැකි බව කියමින් එය පවරාගත් නාවික හමුදාව යටතේ සපයා ඇති ආරක්ෂකයන් සංඛ්‍යාව දෙසැම්බර 30දා වනවිට 117 දක්වා අඩු වී ඇති බව අපගේ ආරංචි මාර්ග කියයි . අවන්ගඩ් සමාගම හොදින් කටයුතු කල සමයේ හැමවිටම මුහුදු ආරක්ෂකයින් 600ක් පමණ විවිධ නැවුවල යොදවා සිට ඇත . මේ වනවිට නාවික හමුදාව යටතේ සිදුකොට ඇත්තේ අවන්ගාඩ් සමාගම ගිවිසුම් ගතව සිටි නැවු සදහා නියම කරගෙන සිටි ආරක්ෂකයින් සැපයීම පමණකි . අලුතින් මුහුදු ආරක්ෂකයින් සැපයීමේ ගිවිසුම් අත්සන් කොට නැති නිසා ඉදිරියේදී මුහුදු ආරක්ෂකයින් යෙදවීම තවත් අඩුවිය හැකි බව කියති .

මේ අතර තවත් වාර්තාවකින් දැනගන්නට ලැබුනේ නීති විරෝධී  අවි ගබඩාවක් පවත්වාගෙන යාමේ චෝදනා යටතේ අත් අඩංගුවට ගත් “මහනුවර” නැව නිදොස් කොට නිදහස් කොට ඇති බවයි . එය හිමි සිලෝන් සිපින් ලයින් සමාගම මෙම නැව පරණ යකඩ සදහා විකුණා දැමීමට යන බවද වාර්තා වෙයි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *