ජවිපෙ මහමැතිවරණයට මාලිමාවෙන්ම එයි

ඉදිරි මහමැතිවරණය සඳහා ජාතික ජන බලවේගයේ මාලිමාව ලකුණින් තරග කිරීමට ජනතා විමුක්ති පෙරමුණ තීරණය කර තිබේ.

පසුගිය ජනාධිපතිවරණයේ දී ජනතා විමුක්ති පෙරමුණ හා එක්ව කටයුතු කළ සියලූම බලවේග ඒකරාශී කරගනිමින් මෙවර මහමැතිවරණයේ දී  මාලිමාව ලකුණින් තරග කරන බව ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා පැවසීය.

ඉදිරි මහමැතිවරණයට මුහුණ දීම සඳහා අවශ්‍ය යාන්ත‍්‍රණය මේ වනවිටත් සකස් කර ඇතැයි ද ඔහු වැඩිදුරටත් කීවේය.

(නිමල කොඩිතුවක්කු)

ලංකාදීප

Leave a Reply

Your email address will not be published. Required fields are marked *