නිශ්ශංක සේනාධිපතිට නැවු 180ක් තිබුණා – හිටපු නාවික හමුදපති සෝමතිලක දිසානායක ජනාධිපති කොමිසමට කියයි

තමන් අවන්ගාඩ් සමාගමේ සේවයට යනවිට එහි අධිපති නිශ්ශංක සේනාධිපති මහතාට නැවු 180ක් හිමිව තිබු බවත් ඔහු අවන්ගාඩ් වලින් පමණක් මුදල් ඉපයුවකු නොවන බවත් හිටපු නාවික හමුදාපති සෝමතිලක දිසානායක මහතා ජනාධිපති කොමිසම හමුවේ ප්‍රකාශ කොට ඇත . අවන්ගාඩ් සමාගමට තරු හතරේ නිලධාරියකුගේ සේවය ලබාගැනීමට සේනාධිපති මහතාට අවශ්‍ය වූ බවත් ඒ අනුව බදවාගත් තමන්ට මසකට ලක්ස තිහක වැටුපක් ගෙවූ බවත් ඒ මහතා ප්‍රකාශ කොට ඇත . ජනාධිපති කොමිසමේ සාක්ෂි දීමට පෙර තමන් එම රැකියාවෙන් ඉවත් වූ බව දිසානායක මහතා ප්‍රකාශ කොට තිබේ .

මේ අතර පසුගියදා කොළඹට රැස්වූ අවන්ගාඩ් සමාගමෙන් ආධාර ලැබූ පිරිසක් ප්‍රකාශ කලේ එම සමාගමේ ව්‍යාපාර රජයට පවර ගැනීමත් සමග තමන් අන්ත අසරණ තත්වයට පත්ව ඇති බවයි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *