ඒකීය ප්‍රශ්නය විසඳන්නට එතෙර සාකච්ඡාවක්

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, ඒකීය ව්‍යවස්ථාවක් නොවියයුතු බවට දෙමළ ජාතික සන්ධානය කරන යෝජනාව විසඳා ගැනීමට, ආණ්ඩුක්‍රම විශේෂඥයන්ගේ ඉහළ පෙළේ සාකච්ඡාවක්, ජනවාරි මස අග දී ස්කොට්ලන්තයේ දී පැවැත්වීමට නියමිතව ඇතැයි යුක්තියට වාර්තාවේ. මේ සාකච්ඡාව සඳහා මුස්ලිම් කොන්ග්‍රසයෙන් රවුෆ් හකීම්, දෙමළ සන්ධනයෙන් ඒ. එම් සුමන්තිරන්, ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන, ආචාර්ය ජයම්පති වික්‍රමරත්න ඇතුළු ආණ්ඩුවේ ඉහළ පෙළේ නියෝජිත පිරිසක් ද සහභාගිවීමට නියමිත ය. නූතන වර්ධනයන් අනුව ඒකිය ව්‍යවස්ථාවන් තුළ ද බලය බෙදා ඇති හෙයින්, ජාතිවාදීන්ට උඩගෙඩි දීමට සංකල්පවල පැටලීම නිරර්ථක බව බොහෝ ආණ්ඩුක්‍රම විශාරදයින් ගේ මතය වී තිබෙන බව ද දැනගන්නට ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *