තානාපති කාර්යාලයක නිලධාරිනියක් පැහැරගැනීමේ සිද්ධිය ගැන පරීක්ෂණයක්


ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක් පැහැර ගත් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති හැන්ස්පීටර් මොක් මහතා අද (27) විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමු වූ අතර එහිදි දී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇත.

විදේශ කටයුතු අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන්  දිනේෂ් ගුණවර්ධන මහතාට සුබපැතීම සඳහා තානාපතිවරයා එලෙස පැමිණි බව ද විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරිනියක් සඳහන් කළාය.

(හර්ෂණ තුෂාර සිල්වා)

ලංකාදීප

Leave a Reply

Your email address will not be published. Required fields are marked *