ජනමාධ්‍ය ගැන කළකිරීමෙන් සහ වේදනාවෙනි – අනුර සුරියබණ්ඩාර

ජනමාධ්‍ය යනු රටක හතරවැනි ආණ්ඩුව යැයි කියනු ලැබේ. හතරවැනි ආණ්ඩුවයයි කීමෙන් අදහස් වන්නේ ව්‍යවස්ථාදායකය විධායකය සහ අධිකරණය යන ආයතන තුනට අමතරව ජනමාධ්‍ය ද රටක ජනතාව වෙනුවෙන් වගකියනු ලබන බව ය.

නමුත් මේ රටේ දක්නට ලැබෙන තත්ත්වය වන්නේ ජනමාධ්‍ය තම හතරවන ආණ්ඩුවේ භූමිකාව අතහැර ජනතා විරෝධී ත්‍රස්තවාදී කණ්ඩායමක් බඳුව කටයුතු කරමින් සිටින බව ය.

ඒ සඳහා වන ආසන්නතම උදාහරණය වන්නේ කැලණි විහාරයට නාග ලෝකයෙන් ධාතූන් ලැබුණු බවට ගෙන යන ප්‍රබන්ධයයි.

ජනමාධ්‍ය වල කාර්යභාරය වන්නේ යමක් විසින් පවසන දෙයක් කිසිදු වග විභාගයකින් තොරව ප්‍රචාරය කිරීම නොවේ. යමෙක් කුමක් කීවා වුවද ඒ ප්‍රකාශය තර්කානුකූල ද සත්‍යයට කොයි තරම් ආසන්න ද, විශ්වාස කළහැකිද, යනාදී කරුණු ගවේෂණය කිරීමේ යුතුකමක් හා වගකීමක් ජනමාධ්‍යයට තිබේ. නමුත් වත්මන් ලංකාවේ ජනමාධ්‍ය හැසිරීම අනුව පෙනී යන්නේ ජනමාධ්‍ය යනු ඕනෑම පිස්සෙකුට ඕනෑම මතයක්, ප්‍රකාශයක්, සිදු කිරීමට කිසිදු බාධාවකින් තොරව නොමිලේ ම ප්‍රචාරය කර ගත හැකි සංස්ථාවක් බවට මෙරට ජනමාධ්‍ය පත්ව ඇති බවයි.

මේ තත්වය අද ඊයේ ඇති වූවක් ද නොවේ. ඉතිහාසයේ කාලයෙන් කාලයට ජනතාව කුලප්පු කරන ප්‍රවෘත්ති ජනමාධ්‍ය විසින් කිසිදු ඉවත් බවකින් හෝ සොයා බැලීමකින් තොරව ඉදිරිපත් කළ අවස්ථා ඕනෑතරම් තිබේ.

කලෙක මෙරට ජනතාව නිකවැරටිය ප්‍රදේශයේ පන්සලකට වැල නොකැඩී ගියේ එම පන්සලේ බෝ රුකක බුදු රුවක් මතු වී ඇති බව ජනමාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කළ නිසාය. මේ වන විට එම බෝධියටත් සිදු වූ දෙයක් නැත. යම් හාස්කමකින් සිදුවූ යමක් නම් සෝඩා බෝතලය කැඩුවා ආකාරයට හදිසියේ මතුවී මැකී යාමට හැකියාවක් නැත. ඒ අනුව පැහැදිලිව පෙනී යන්නේ තමන්ගේ පන්සලට ප්‍රචාරයක් ලබා ගැනීම සඳහා පන්සලේ භික්ෂුන් හෝ දායකයන් හෝ දෙපිරිසම හෝ බොරු මවාපෑමක් කරන්නට ඇති බව ය. එසේත් නැත්නම් විය යුත්තේ අදාළ විහාරස්ථානයේ භික්ෂූන් හෝ දායකයන් හෝ දෙපිරිසම හෝ තම ඥානය මදිකම පිළිබඳව ප්‍රශ්නයක් හේතුවෙන් බෝරුකේ යම් කිසි හැඩයක් වශයෙන් හඳුනාගෙන අනවශ්‍ය කලබලයක් ඇති කළ අතර විමර්ශනශීලී හෝ ගවේෂණශීලී හෝ නොවන ජනමාධ්‍ය විසින් එම මුග්ධ අදහසට අනවශ්‍ය ප්‍රචාරයක් ලබා දීමෙන් ජනතාව කලබලයට පත් කළ බවයි

දොලුකන්ද සම්බන්ධයෙන් මතුවූ කලබලයේ ද ඊට දෙවැනි නොවන්නකි. දොළුකන්දේ ජලය පානය කිරීමෙන් ලෙඩ රෝග සුව වන බව එහි දී ප්‍රචාරය කරනු ලැබිණ. ජනතාවද වැල නොකැඩී දොළුකන්ද ට යන්නට පටන් ගත්හ. ඒ හිස් අතින් නොවේ. පඬුරු පාක්කුඩම් ද රැගෙනය . දොලු කන්දෙ විහාරයට යන පාර දෙපස ඇට්ටේරියා ගස්්වල පවා මුදල් ගැටගසා තිබෙන අයුරු එකල දක්නට ලැබිණ. කොයිතරම් පඬුරු ප්‍රමාණයක් ලැබුණේ ද යත් කාසි රැගෙන යනු ලැබුවේ මාළුවලිනි පඬුරු මුදල් ගණන් කිරීම් සඳහා වෙන්මම පිරිසක් යොදවනු ලැබින. මෙරට ජනමාධ්‍ය වල අවිචාරශීලී හැසිරීම් කූට භික්ෂුවක් විසින් තම ආර්ථික වාසියක් සඳහා යොදාගත් බවට දොළුකන්ද තරම් සාක්ෂියක් තවත් ඇත්තේ නැත. දෝලුකන්ද පිළිබඳ පවතින ඓතිහාසික මිත්‍යා කතා සහ විශ්වාස ද මෙකී තත්ත්වය පෝෂණය කරන්නට ඉහළින්ම උපයෝගී කර ගත් බව පෙණුනි. අවසානයේ දොළුකන්දේ වතුර දොළුකන්දේ දීම බෙදාදීම ද ඉක්මවා ගොස් දොළුකන්දේ වතුර රටපුරා වෙනත් තැන්වලදී බෙදන තත්ත්වයක් ඇතිවිය.

දැන් දොළුකන්දේ බලයට සිදු වූ දෙයක් නැත. දොළුකන්දේ බලය ගැන පත්තර රූපවාහිනී රේඩියෝ මඟින් ප්‍රචාරය කළ තැන්ැත්තන්ද නැත. මාධ්‍යවේදීන් වශයෙන් පෙනී සිටින මාධ්‍යවේදී ප්‍රතිරූප තවමත් ඇඳගෙන පාරේ යනවා දැයි සොයා බැලීම බුද්ධිමත් පාඨකයා නරඹන්නන් ශ්‍රාවකයන් විසින් කළ යුතුය යුතුකම්කි. දේශපාලන වශයෙන් ගත් කල ද ජනතාව නොමඟ යවන පුවත් පල කිරීම ජනමාධ්‍ය විසින් නොකඩවා සිදුකරන ක්‍රියාවකි. පසුගිය සමයේ දේශපාලන වාසි වෙනුවෙන් ජාතිවාදී ආගම් ආගම්වාදී අදහස් කොතෙක් සමාජගත කරනු ලැබුවේ ද සිංහලයන් පරාජය කිරීමට දෙමළ ජනතාව ඡන්දය දිය යුතු අපේ අපේක්ෂකයෙක් ගැන දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්දිරන් කීව බවට පළ කළ පුවත එවැනි එවැන්නෙකි.

පැවැති ආණ්ඩුවට විරුද්ධ මාධ්‍ය මගින් එම ආණ්ඩුවට අවාසිදායක පුවත් මෙසේ පලකල අතර ආණ්ඩු හිත් හිතවාදී අතින් පළකරනු ලැබූ මූලාශ්‍ර හෝ පදනම් වලින් තොර පුවත් ද ඒ ආකාරයෙන් ම අවිචාරශීලීව ජනමාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරනු ලැබිණි.

සිංහල කාන්තාවන්ට වඳ සැත්කම් කළ කුරුණෑගල වෛද්‍යවරයාගේ කතාව ද ජනමාධ්‍යකරණයේ මූලික ආචාරධර්ම පවා ගරු කරන මට්ටම්ක මෙරට ජනමාධ්‍ය නොපවතින බවට කදිම සාක්ෂියකි. වඳ සැත්කම් කළ වෛද්‍යවරයා පිළිබඳ පළ කරන ලද පදනම් වී විරහිත ප්‍රවෘත්ති හේතුවෙන් එක් දේශපාලන කණ්ඩායම්කට වාසිදායක තත්ත්වයක් ඇතිවුණා වුවද මෙරට ජන වර්ග අතර සැකය අවිශ්වාසය සහ කලකිරීම් ඒ පුවත් හේතුවෙන් ඇතිවීම නිසා රටට සිදු වූ විනාශය තක්සේරු කරන්නට බැරි තරමට බරපතලය.

එම ධාරාවේ පුවත්පත් වල අලුත්ම දිගුව වන්නේ කැලණියට නාග ලොවින් ධාතු ගෙන ආ කතාවයි. මෙවැනි මූලාශ්‍රයකින් පවා තොර තොරතුරු රැස්කරමින් ලියන තැන්ැත්තන්ගේ, ඒවා පළ කරන තැන්ැත්තන්ගේ මොළය පරීක්ෂා කළ යුතුය. මෙවැනි ලිපි ලිවීමෙන් වැඩසටහන් ප්‍රචාරය කිරීමෙන් අදාල තැනැත්තන් (ඔවුනට මාධ්‍යවේදීන් යැයි කිය හැකි නොවේ) මොළය නොමේරූ තැන්ැත්තන් බව තමන් විසින්ම ඔප්පු කර ගනිමින් සිටිති. එම තොරතුරු විශ්වාස කරමින් ඒවා පසුපස දුවන පුද්ගලයන් විසින් ද ඔප්පු කරන්නේ ඔවුන්ගේ ද මොළය වයසේ තරමට මෝරා නැති බවය .

ඊළඟ කාරණය වන්නේ කතෘ සංසදය ආදී වශයෙන් වගකිව යුතු සංවිධාන සහ ඒවායේ සාමා ජිකයන්ට මෙවැනි විගඩම් වලට තව මාධ්‍යවලින් ඉඩ සලසා දීමය. එමඟින් ඔවුන් ද පෙන්නුම් කරමින් සිටින්නේ ධනපාලලා මාර්ටින් වික්‍රමසිංහ තරමට නුවණැත්තන් දැන් මාධ්‍ය ලොකු පුටුවලට නොමැති බව හා දැන් සිටින තැනැත්තන් මාධ්‍ය ලොකු පුටුවලට කුඩා වැඩි බවය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *