බදු රැසක් ඉවතට


  බදු වර්ග  රැසක් ඉවත් කිරීමට සහ තවත් බදු වර්ග කිහිපයක් සංශෝධනය කිරීමට  රජයේ අවධානය යොමු වී තිබේ.

දැනට පවතින බදු ක්‍රමයේ පවතින දුර්වලතාවන් සළකා බැලීමෙන් අනතුරුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙම තීරණය ගනු ලැබ තිබේ.

මෙම බදු ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේදී  පහත සඳහන්  බදු  වර්ග සියල්ල ඉවත්  කර තිබේ.

1) ගෘහස්ත භාණ්ඩ සහ සේවා මත පනවා ඇති ජාතිය ගොඩනැගීමේ බද්ද

2) රේගුවේදී අය කරන ජාතිය ගොඩනැගීමේ බද්ද වරාය සහ ගුවන්තොටුපොළ සංවර්ධන බද්ද හා ඒකාබද්ධ කෙරෙන අතර  දේශිය ආර්ථිකය ආරක්ෂා කරනු පිනිස අදාළ බදු අනුපාතිකය 10% ක්  කිරීම.

3)  ආර්ථික සේවා ගාස්තු 

4) බැංකු හා මූල්‍ය ආයතනයන් මත  පැනවෙන හර බද්ද

5) කොටස් වෙළෙඳපොල මත පැනවෙන ප්‍රාග්ධන ලාභ බද්ද

6) ස්වාධිපත්‍ය  දේපළ  මත පැනවෙන වැට් බද්ද

7) උපයනවිට ගෙවීමේ ආදායම් බද්ද

8) පොලී ආදායම් මත පැනවෙන රඳවා ගැනීමේ බද්ද සහ අනෙකුත් මාදිලියේ රඳවාගැනීමේ බදු

9) ණය සේවා බද්ද 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *