හොර අලි පූජා කිරීමට විජේදාසත් එකතු වෙලා ලු

නීති විරෝධි ලෙස කැළයෙන් අල්ලා ගන්නා ලද අලි පැටවුන් සන්තකයේ තබාගැනීම හේතුවෙන් උඩුවේ ධම්මාලෝක ස්වාමීන් වහන්සේ හා විනිසුරු තිළින ගමගේ අත්අඩංගුවට ගැනීමට නියමිතව තිබූ බව මාධ්‍ය අනාවරණය කළේ ය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරික්ෂණ අවසන්කර නීතිපති දෙපාර්තමේන්තුවට ලිපි ගොනු යවා ඇතිබවට ද වාර්තා පළ වී ඇත. කෙසේ නමුත් මේ අලි පැටවුන් දෙදෙනා වගඋත්තර කරුවන්ට පූජා කිරීමට අධිකරණ අමාත්‍යවරයා උත්සාහ දරන බවක් ආරංචිමාර්ග සඳහන් කරයි. ගිහියෙකු වන හෙයින් විනිසුරු තිළින ගමගේට අලි පැටවා පූජා කළ නොහැකි නමුත් උඩුවේ ධම්මා ලෝක හිමියන්ට නීති විරෝධි අලි පැටවා පූජා කළ පසු ගමගේ සන්තකයේ සිටි අලි පැටවා ද නැවත ලබාගැනීමට හැකිවන බව ඔවුන් විශ්වාස කරන බව දැනගන්නට තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *